වසර විස්සකට පෙර....
"සතී.."
"සතී ඔයා ඇතුළෙද.."
"සතියෝ.. ඇහෙනවාද බං.."
මේකාත් එක්ක නිදහසේ නාගන්නවත්.. කෑගහලා උගුර කඩාගන්න හදනවා..
"හැබැයි ඔයා කතා කරන්නෙ නැත්නම් මම ඇතුළට එනවා හරිද.."
හේෂ් දොරට තට්ටු කරන ගමන් කතා කරාත් මම උත්තරයක් නොදුන්න නිසාමද මන්දා අන්තිමට එයා දොර ඇරියාත් ඇරපු වේගෙටම ආපස්සට දොර වහන්න ගියේ ටවල් එකක් විතරක් ඇඳන් දොර ළඟ ඉන්න මාව දැකලා..
"මම ඇතුළේ ඉන්නවා කියලා දැන දැනම දොර ඇරලා කොහෙද පැනලා දුවන්න හදන්නේ ම්..."
මම දොර වහන්න නොදී එයාව නතර කරාම එයා මට පිටුපාලා එතනින් යන්න හැදුවාත් පිටිපස්සෙන් එයාගෙ ඉන වටේ අත් දාපු මම එයාව මගේ ළඟට ඇදලා ගත්තා..
"ඔයා කතා නොකර නිසා මම දොර ඇරියේ.."
"ඇයි තමුසෙ හිතුවාද මම මේක ඇතුළෙ කලන්තෙ දාලා කියලා.."
"කවුද දන්නෙ.. අතාරින්න මාව.."
එයා මගෙන් ගැළවෙන්න දැඟලුවා..
"ම්හු.. අල්ලගත්තේ යන්න දෙන්න නෙමෙයි.."
මම හේෂ්ගෙ කන් පෙත්තකට ලං වෙලා කොඳුරද්දී එයා මගේ අත තද කරලා අල්ලගත්තේ එයාගෙ කන මම බලාගෙන ඉඳිද්දීම රතු වෙද්දී..
"සතී.."
"මොකද ම්.."
හේෂ්ව මගේ පැත්තට හරවන් මං එයාගෙ කම්මුලක් මාපටැගිල්ලෙන් පිරිමදිද්දි එයා බිම බලාගෙන ඉඳියෙ මගේ දිහා බලන්න ලැජ්ජාවෙන්..
"ඇඳුමක් දාගන්න.."
"ඇයි.."
"සතී.."
"පොඩ්ඩ ඇත්නම් රතු වෙනවා මේකා.."
හිනා උන මං හේෂ්ගෙ කම්මුලක් මිරිකද්දී එයා කට උල් කරගත්තා..
YOU ARE READING
කාළි [Completed]✅
Fanfictionඋඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)