වසර විස්සකට පෙර....
"අපෝ එයා මොකටද එනවා කිව්වෙ.. මං නම් පොඩ්ඩක්වත් කැමති නෑ එයා මෙහේ එනවාට.."
හේෂ් කටත් ඇද කරන් නැන්දාට කියද්දී ගලේ දාලා මිරිස් අඹරන ගමන් නැන්දා හිනා උනේ මාත් එයාලාගෙ කතාවට කන් දීගෙන කුස්සියේ දොරට හේත්තු වෙලා එලිය බලාගෙන ඉඳිද්දී.. කවියලා නම් සාලෙ ආත්තම්මාත් එක්ක ලොකු කතාවක්.. ඒ වයසක මනුස්සයාගෙ ඔලුවටත් ඕකුන් මොන විසබීජ දානවාද දන්නෙ නෑ..
"සුදු පුතා මොකද ඒ කෙල්ලට ඔච්චරටම අකමැති.."
"ඒකි ඇඟේ එල්ලෙන්න එනවානෙ.. මම කැමති නෑ.."
"ඒ හිතවත්කමට වෙන්න ඇති දරුවෝ.. අනික කෙල්ලෙක්ට පොඩ්ඩක් විසේ උනාට වරදක් නෑ.. නැත්නම් දවසක බඳින මිනිහා පිට යනවා.."
"ඒ කිව්වේ.."
"නොකිව්වාට ගොඩක් පිරිමි අහිංසක ගෑනුන්ට කැමති නෑ.. එයාලා කැමති එයාලා ළඟදි විතරක් හරි දඟලලා කටකාරකමට කියවලා ඉන්න කෙල්ලොන්ට.. ගෑනු ඕනාවට වැඩිය අහිංසක උනාමත් පිරිමින්ට කසාද ජීවිතේ නීරස වෙනවා.. අනික කිසිම දවසක ගෙදර ගිනි පිටට දෙන්න හොඳ නෑ.. ඒ වගේම එක්කෙනෙක් කේන්ති ගනිද්දී අනිත් කෙනා ඉවසන්න පුරුදු වෙන්න ඕන.. තුන් වෙනියෙක් මැදිහත් කරගෙන රණ්ඩු වෙලා බෑග් මලු උස්සන් ගෙදර යනවාට වැඩිය කතාබහ කරලා තියෙන ප්‍රශ්නයක් විසඳගත්තා නම් තමයි හොඳ.. මම මේ ඔයාටත් එක්ක කියන්නේ සුදු පුතා තේරුණා ද.."
"ඒ මොකටද මට කියන්නේ.. මං කෙල්ලෙක් නෙමෙයිනෙ.."
"කෙල්ලෙක් උනාත් කොල්ලෙක් උනාත් මම අන්තිමට කියපු ටික ඔයාටත් අදාලයි.. ඔයාලාත් කවදාහරි කසාද බඳිනවානෙ.. දැන්ම ඉඳන් ටිකෙන් ටික ඒ ජීවිතේට හැඩගැහුනා කියලා වරදක් වෙන්නෙ නෑ.."
YOU ARE READING
කාළි [Completed]✅
Fanfictionඋඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)