35📖️

10.4K 1.4K 639
                                    

"සින්නදොරේ.."

මුත්තුසාමිගෙ කටහඬ ඇහෙනවාත් එක්කම ජානුල් කලබලෙන් ම⁣ගේ ළඟින් අයින් උනේ මාත් පිටිපස්ස හැරිලා බලද්දී..

"ඇයි මුත්තුසාමි.."

මම ඇහිබැමක් උඩට උස්සලා එහෙම ඇහුවාම මුත්තුසාමි මායි ජානුල් දිහායි සැකෙන් වගේ මාරුවෙන් මාරුවට බලන ගමන් අපි ළගට ඇවිදගෙන ආවා..

"අපිලාගෙ කොලුවා මාතියාට කරදර තමා කරනවා.."

"ආ නෑ.. මට මේ බටු ඇටයාගෙන් මොන කරදරයක් බං.. මගේ අතේ රෝස කටුවක් ඇනුනා.. කොල්ලා ඒකට පොඩ්ඩක් බය උනා.."

මම වෙනසක් නොපෙන්නා කියද්දී මුත්තුසාමිගෙ ඇස් නළලට ගියා..

"අයියයියෝ සාමි.. සින්නදොරේ මොක තමා කරගන්නවා.. ඔය රතු රෝෂ කටු ෂරියට විෂ ගහනවා.."

"ලොකු අවුලක් නෑ.. උඹගෙ කොල්ලා මගෙ ඇඟිල්ලට බෙහෙත් කරා.."

මම ජානුල් දිහා බලලා කට කොනකින් හිනා වෙද්දී එයා මට රැව්වා..

"ඉස්සරහාට සින්නදොරේට කෑම හදන්න බෙහෙත් කරන්න අපිලා කාරුත් ඕන නෑ තමා අප්පා.. තංගරාජා මාමාට කියන්න ඕන ආපහු එන්න ඕන නෑ තමා කියලා.."

"උඹලා මොක තමා දොඩනවා.."

ජානුල් නොරිස්සුමෙන් වගේ කියද්දී මුත්තුසාමි එහෙම ඇහුවා.. මුත්තුසාමිට අපි ගැන සැක හිතුනොත් හිතෙන්නේ මේකාගෙ මේ හැසිරීම හින්දාම තමයි.. මේ වත්තෙ එකෙක් මගේ මූණ දිහා කෙලින් බලලා කතා කරන්න බය වෙද්දී ජානුල් හැසිරුනේම මාව තඹේකට මායිම් නොකර.. නෝනා හාමු කෙනෙක් ගේනවා කියලා මම කිව්වාට වැරදිලාවත් එහෙම එකියක් ගෙනාවොත් මූ ඒකිවත් වැඩකාරකමට අරන් මට අයිතිවාසිකම් කියයි.. එහෙමට පුත්‍රයා..

"අප්පලාගෙ සින්නදොරේ නෝනා මාතියා කෙනෙක් ගේන්නලු යන්නෙ.."

කොල්ලා ඉරිසියාවේ පුපුරනවා.. මම විහිලුවට කියපු දේ මේකා ඇත්තක් කියලා හිතාගෙනද කොහෙද ඉන්නෙ..

"අඩ්ඩඩ්ඩා.. අපිලාගෙ සින්නදොරේ කෂාද බදින්න යනවා කියලා දැන් තමා දන්නවා.. සින්නදොරේ වගේ මාතියෙක් ලබන්න ඒ නෝනෙගෙ වාෂනාව.. සින්නදොරේටයි නෝනා මාතියාට පුල්ලෙයාර්ගෙම පිහිටයි.."

කාළි [Completed]✅Where stories live. Discover now