අවසාන කොටස📖️

26.6K 1.8K 6.2K
                                    

තාත්තෙක් වෙන හැඟීමට
රජකමත් දෙවෙනියි මගෙ පුතේ..
රෝස කැලයෙන් ඇහින්දේ නැති
මලකි ඔබ මගෙ සිතේ..

රෝස කැලයෙන් ඇහින්දේ නැතිමලකි ඔබ මගෙ සිතේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අයුලි..

මගේ චූටි දෝණි..

මම මගේ පපුවට ගුලි වෙලා ඉන්න චූටි කෙල්ල දිහා බැලුවා.. ඒ ඇබිත්තන් කට සැරින් සැරේ තලු මැරුවා වගේම ⁣කෙල්ල ඈනුම් ඇරියා..

කෙලි පැටියාට බඩගිනි ඇතිද..

නැත්නම් නිදිමතේද..

අනේ මට උඹට ඕන මොනවද කියලා තේරෙන්නෙ නෑනෙ රත්තරනේ..

පොඩි එකීවත් අරන් කෙලින්ම කොළඹ ඉඳලා නුවරඑලියෙ ආවාත් ජානු අහන ප්‍රශ්න වලට දෙන්න ඕන උත්තර මොනවද කියන්න මට තාමත් අදහසක් තිබුණේ නැහැ..

තේව් කාටවත්ම ඇත්ත එළි කරන්න එපා කියද්දී මම කොහොමද උගේ ඒ විශ්වාසෙට ද්‍රෝහි වෙන්නෙ..

ඌ මගේ සහෝදරයානෙ..

"බාලා.."

"ලොකු අයියෙ.."

"එක්කො උඹ අද ආපහු කොළඹ යන්න එපා බං.. මට ෂුවර් නෑ අරූ මටයි මේ පොඩි එකීටයි මොනව කරයිද කියලා.."

ජානුගෙ හැසිරීම කොහොම වෙයිද කියන එක ගැන මට පවා විශ්වාසයක් නැති වෙද්දී බාලාට අද බංග්ලෝ එකේ නතර වෙන්න කියපු මං කාර් එකෙන් එලියට බැස්සා..

"පොඩි බොසාගෙන් මටත් කන්න වෙයිද අයියෙ.."

"යකෝ තෝ අහන්නේ අඬන්න ඉන්න මිනිහාගෙ ඇහැට ඇඟිල්ලෙන් අනිනවා වගෙ කතානෙ.. ම......"

මම ටිකක් සද්දෙන් බාලාට කෑගහද්දී කෙල්ල අඬන්න කට හැදුවා වගේම මම ඉක්මනට මගෙ අවධානෙ එයාට දුන්නා..

කාළි [Completed]✅Where stories live. Discover now