18📖️

10.1K 1.5K 417
                                    

වසර විස්සකට පෙර........

අනිච්චා වත සංඛාරා
උප්පාද වය ධම්ම්නෝ
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති
තෙසං වුපසමො සුඛො

හාමුදුරුවෝ පාංසකූලේ දුන්නා.. ඒ ගමන් තව මොන මොනවාදෝ කිව්වා.. දන්නෙ නෑ.. මට දැනගන්න ඕන උනෙත් නෑ.. කියපුවා මට ඇහුනාත් ඒ කියපු එක වචනයක්වත් කන් ඇතුළට ගියේ නැද්ද කොහෙද.. මුලු ජීවිතේම හිස් උනා වගේ හැඟීමක් මට දැනුනේ.. මම ඔහේ බලාගෙන ඉඳියා.. මම දැන් ඇඳගෙන ඉඳපු ඇඳුම පවා මං ඇඳගත්තා ද නැත්නම් වෙන කවුරුහරි මට ඇන්දුවාද කියලාවත් මට මතකයක් නෑ..

රිදෙනවා..

වචන වලින් කියාගන්න බැරිතරම් වේදනාවක් මගේ පපුවට දැනෙනවා.. කෙලවර මුවහත් කිනිස්සක් අරන් ටිකෙන් ටික මගේ පපුව ඇතුළට හාරනවා වගේ හැඟීමක් මට දැනුනෙ.. ඒක මෙහෙමයි කියලා විස්තර කරලා කියන්න මට තේරෙන්නෙ නෑ.. මට හරි වේදනායි.. අනේ දළදා හාමුදුරුවනේ ඇයි ඔබවහන්සේ මට මේ තරම් ගින්දරක් උහුලන්න ඉඩ දුන්නෙ.. වැරදි උනා තමයි.. මං ඒ අහිංසකයාට රිද්දුවා තමයි.. ඒත් දෙයියනේ මෙච්චර මෙහෙම පපුව පැලෙන්න තරම් වේදනාවක් මං උහුලන්නෙ කොහොමද කියලා මට කියපල්ලකෝ.. මගේ හුස්ම හිර වෙනවා වගේ..

මගේ හේෂ්..

ඇයි උඹ මට මෙහෙම කරේ රත්තරනේ.. උඹට තිබුණා මට මීට වැඩිය ටිකක් පුංචි දඬුවමක් දෙන්න..

එයා අද යන්නම යනවා කියලා කොහොමද මම විශ්වාස කරන්නෙ දෙයියනේ.. මීට දවස් දෙකකට කලිනුත් එයා මගේ මේ අතේ එල්ලිලා මාත් එක්ක හුරතල් උනානෙ..

කාළි [Completed]✅Where stories live. Discover now