14📖️

9.9K 1.5K 396
                                    

වසර විස්සකට පෙර...

මම දන්නෙ නෑ මං හේෂ් ළඟ මෙහෙම හැසිරෙන්නෙ ඇයිද කියලා.. ඒත් එයා මගේ නම් මට එයා ළඟ මෙහෙම ඉන්න අයිතියක් නැද්ද..

"සතී.. මොකද වෙලා තියෙන්නේ.."

"ඇයි.."

"අත අහකට ගන්න.."

"තමුසෙ ළඟ සුවඳයි ඕයි.."

එයාගෙ උරහිසෙ ඔලුව තියාගෙන ඉඳපු මං මගේ නහයබෙල්ල පුරා ගාවන ගමන් අතක් එයාගෙ ටී ෂර්ට් එක ඇතුළට දාලා ඉන දිගේ අරන් ගියේ එයා මගෙන් ගැලවෙන්න දඟලද්දි.. කරන්න දෙයක් නෑ.. මාව පිස්සු වට්ටන්න ලස්සන වෙලා ආවෙ මොකටද.. මම රහත් වෙලා නෑනේ.. අනික මේ වයස හැඟීම් පාලනේ කරගන්න අමාරු වෙන එක සාධාරණයි.. එහෙම නැතුව මගේ හිතේ එයා ගැන ආදරයක් නැහැ.. මං මාවම සාධාරණීකරනය කරගත්තා..

එයාගෙ බෙල්ල පාමුල මම හාදුවක් තිබ්බාම එයා ගැස්සුනා.. මට ඒක හොඳටම දැනුණා..

"සතී.."

"දඟලන්නෙ නැතුව ඉන්නවා.."

මං කිව්වේ ඔලුව උස්සලා එයා දිහා බලන ගමන් වෙද්දී එයා මගේ ඇස් මග ඇරියා.. කන් දෙකම රතු වෙලා..

"කවුරුහරි එයි.."

"තමුසෙ ඔච්චරටම බයද.."

කාළි [Completed]✅Where stories live. Discover now