"ඔයා එදා වගේම අදත් මට රිද්දනවා සතී.."
ජානුල්ගෙ කටින් පිට උන ඒ වචන කීපෙ එක්ක මම ෂොක් උනාත් මට ඒ ගැන හිතන්න වෙලාවක් තිබුණේ නැත්තෙ එයා එහෙම්මම මගේ ඇඟට කලන්තේ දාද්දී වෙද්දී අත් දෙකෙන්ම ජානුව අල්ලගත්ත මං එයාව හෙලෙව්වාත් එයා ඇස් ඇරියෙ නෑ..
"ජානුල්.."
"ජානුල්.. දරුවෝ.."
පැය ගානක් වැස්සෙ තෙමුනා කියන්න එයා හොඳටම සීතල වෙලා ඉඳිද්දී මම එහෙම්මම එයාව කාමරේට අරන් ඇවිත් සෝෆා එකෙන් තිබ්බා..
"ජානු.. ඇස් ඇරපන් කොල්ලො.."
සෝෆා එක අයිනෙන්ම වාඩි උන මම එයාගෙ කම්මුල් වලට තට්ටු කරාත් එයා ඇස් අරින්නෙ නැති වෙද්දී මං ගොඩක් කලබල වුණා.. ටවල් එකක් අරන් එයාගෙ මූණ අත් පිහිදාපු මං ඩ්රයර් එකෙන් එයාගෙ කොන්ඩෙත් වේලුවාට තාමත් කොල්ලාට සිහියක් තිබුණේ නැහැ..
උඹ හැදිලා නෑ සතීෂ.. උඹ තවම හැදිලා නෑ.. මීට අවුරුදු විස්සකට කලින් උඹ නිසා හේෂ්ටත් මේ විදිහෙම දෙයක් සිද්ද වුණා මතකයිද උඹට.. මගේ යටි හිත මට කෑගහලා කියද්දී අවුරුදු විස්සකට කලින් ඒ දවස මට මතක් වුණා.. මං එයාව මගේම කර නොගත්තාත් ඒ තමයි මම හේෂ්ගෙ නිරුවතට අත තියපු පළවෙනි සහ අන්තිම වතාව..
මම මගේ අත් දෙකෙන් කොණ්ඩෙ ඇදගත්තා.. සිහි විකලෙන් වගේ කාමරේ පුරා එහා මෙහා ඇවිද්දා..
මට බෑ..
මට ඒ දේ කරන්න කොහොමටවත් බැහැ..
ජානුල් මගේ දරුවෙක්ගෙ වයසෙ වෙද්දී මම කොහොමද එහෙම දෙයක් හිතන්නෙවත්.. අනික මට බෑ හේෂ්ව අල්ලපු අත් වලින් ඒ විදිහට තව කෙනෙක්ව අල්ලන්න..
"අ..ප්...පා..."
ජානුල් ඇස් පියාගෙන කෙඳිරි ගානවා ඇහෙද්දී ඉක්මනින් එයා ළගට ගිය මම ඒ අත් මගේ අත් අතරට මැදි කරන් පිරිමැද්දා.. අත් වලින් කම්මුල් වලට කකුල් වලට මාරුවෙන් මාරුවට එයාව පිරිමැද්දාත් ඒ මුලු ඇඟම අයිස් කුට්ටියක් වගේ සීතල වෙලා තියෙද්දී කරකියාගන්න දෙයක් නැතුව මං අසරණ වුණා..
"සී..ත..යි.. අ..ප්..පා.."
තත්පර විනාඩි වෙලා උපරිම ඕන නම් විනාඩි දෙක තුනක් ගෙවිලා යන්න ඇති.. ඒත් මට දැනුනේ ඒ කල්පයක් වගේ වෙද්දී අකමැත්තෙන් උනාත් මං මට ඉතුරු එකම විසඳුම තෝරගත්තා..
YOU ARE READING
කාළි [Completed]✅
Fanfictionඋඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)