වසර විසි එකකට පෙර....
"අඩෝ පට්ට මහන්සි බං අද නම්.. බලපන් ඉන්ටර් ස්කූල් මැචස් ඉවර වෙලාවත් කෝච්කාරයා අපිට නිදහසේ ඉන්න දෙන්නෙ නෑනෙ.. රෙද්ද.."
"ඒක නම් ඇත්ත බං.. උදේ පාන්දර ප්‍රැක්ටිස් කරලා ක්ලාස් එකට ගියාම ඇඟේ මහන්සියට වැටුන තැන නින්ද යනවා.."
දස්සා චේන්ජින් රූම් එකේ ඉදන් කන් කෙඳිරි ගාද්දී මම කලිසමේ සිපර් එක දාගෙන ෂර්ට් එක යට කරගන්නෙ නැතුවම ටවල් එකෙන් ඔලුව පිහදැම්මා..
"ඕයි සතියා.. උඹවත් කෝච්ට කියපන්කො බං අපිව ටික දවසකට රිලීස් කරන්න කියලා.."
"මට කියන්නේ උඹම කියපන්.."
"යකෝ ටීම් එකේ කැප්ටන් උඹ ද නැත්නම් මම ද.."
"හරි හරි ගෑනියෙක් වගේ නාහෙන් අඬන්නෙ නැතුව ඉදපන්.. මම හවසට කෝච්ට කතා කරන්නම්.."
"අම්මපා කියපන්.."
"හ්ම්..."
"අඩෝ මගේ උම්මා කැටේ.. මගෙ වස්තුව.. මම උඹට බෙංගාල බොක්ක තරම් ආදරෙයි පණ.. උම්ම්ම්මාආආ.."
මම කියලා ඉවර වෙනවාත් එක්කම මගේ ඇඟට පැනපු දස්සා උගේ බලු කෙල මගේ මූණේ ගාන්න ගත්තෙ ටීම් එකේ අනිත් උන් හිනා වෙද්දී උනාත් ඒත් එක්කම පිටිපස්සෙන් ඇහුන හේෂ්ගෙ කටහඬින් මම දස්සාව මගෙ ඇඟෙන් අහකට තල්ලු කරලා දැම්මා..
YOU ARE READING
කාළි [Completed]✅
Fanfictionඋඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)