37📖️

10.1K 1.4K 738
                                    

"දැන් මොකද ඔය පුප්පන්නෙ..."

"අපිලා පාම්බුවෙක් නිසා.. උංගලක්කු ඒදාවදු පිරච්චනෛ.."

"මොකා..?"

"මොකා නෙමෙයි කොකා.."

ජානුල් කුරුලු හොටයක් වගේ අත මගේ දිහාට පෙන්නලා ආයෙත් මට ගස්සගෙන පාර දිගේ ඉස්සරහාට ඇවිදගෙන ගියේ මාත් එයාගෙ පස්සෙන් යද්දී..

"කියන මලමගුලක් තේරෙන සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි කියපන්.. මට උඹේ ඔය අණ්ඩර දෙමළ තේරෙන්නෙ නෑ.."

"වට් අණ්ඩරදෙමල.. යේක පියෝ ටැමිල්.."

"එක අතකට කල්පනා කරලා බලද්දී උඹත් එක්ක එන මිනිහා පව් බං.. ඌට උඹලාගෙ පුල්ලෙයාර්ගෙම පිහිටයි.."

"වයිෆ් ඕල්වේස් ⁣ගෝස් විත් හස්බන්ඩ් නේ.. නොට් දි අදර් වේ අරවුන්ඩ්.."

"වයිෆ්..??"

"සොරි.. අපිලා හස්බන්ඩ් රයිට්.."

එයා මගේ දිහා බලලා අහද්දී මම ඇහිබැමක් උඩට උස්සලා එයාගෙ නළල උඩට අතක් තියද්දී එයා මගේ අතට ගැහුවා..

"මේ සින්නදොරේ මේහ් අපිලාව අල්ලන්න එන්න එපා හරිද.. අපිලා අප්පාට කියනවා.."

ජානුල් කියද්දිම මම එයාගෙ අතින් ඇදලා ළගට අරන් ඒ මූණට එබුනා..

"දැන් කියපන් බලන්න අප්පාට.."

"අප්පා.. සින්නදොරේ අපිලාට වනචරකම් කරනවා.."

අප්පාට කියන්න කියලා කිව්වාට මේකා ඇත්තටම කෑගහයි කියලා මට නොහිතෙද්දි මගේ වෙලාව හොඳ වැඩිකමටද මන්දා තුවක්කු බටෙත් කරේ දාගෙන ඒත් එක්කම වගේ තේ වත්ත මැදින් පහළට ආපු මුත්තුසාමි අපි ළඟ නතර උනේ කටේ තිබුණ විට කාරලා කෙල ගහන ගමන් වෙද්දී ජානුල් මායි දෙන්නා කලබලෙන් මූණට මූණ බලලා ආයෙත් මුත්තුසාමි දිහාට හැරුණා..

"සින්නදොරේ.."

"අහ්ම්.. මුත්තුසාමි.."

"⁣අපිලාගෙ කොල්ලා මොක තමා මාතියා කියනවා.."

මං අල්ලගෙන ඉදපු ජානුල්ගෙ අත දිහා මුත්තුසාමි සැකෙන් වගේ බලද්දී දීගන්න උත්තරයක් හිතාගන්න බැරුව මම දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බැලුවා..

කාළි [Completed]✅Where stories live. Discover now