48📖️

10.1K 1.4K 441
                                    

වසර විස්සකට පෙර.....

ජීවිතේ මොනතරම් නම් මල් පිපුනාත් අවාසනාවකට වගේ මං ප්‍රාර්ථනා කර මල අන්තිමට පර වෙලා ගියා..

"සතීෂ.. මොන සිහියෙන් ද තමුන් ඉන්නෙ.."

සුදු හුනු කූර ඇවිත් මගේ නළලෙ වදිද්දී මං මගේ පොතේ ලියපු ඒ වාක්‍ය දිහා බලන් ඉඳියේ හිස් හැඟීමකින්..

"මං දැන් දවස් කීපයක් තිස්සේ බලාගෙන ඉඳියේ.. තමුන්ට දැන් කලින් තිබුණ උනන්දුවවත් නෑ ඉගෙනගන්න.. මෙහෙම පුලුවන් ද එ....... සතීෂ.. ඔහොම නතර වෙනවා.. තමුන් ඔය කොහෙද යන්නෙ.. සතීෂ.."

ටීචර් මට කතා කරනවා ඇහෙද්දී මං මට නෙමෙයි ගානට පුටුව සද්දෙන් පස්සට කරන් ක්ලාස් රූම් එකෙන් එලියට ගියේ ටීචර් කවියාටකොහෙද ගිහින් මාව බලන්න කියනවා ඇහෙද්දී..

"තොට පිස්සු හැදිලාද බල්ලො.. උඹ මොකක්දකරේ.. අපේ ටීචර් නිසාම හොඳයි.. වැරදිලාවත් අර නිහාල් සර්කාරයා වගේ උනා නම් එහෙම අද උඹේ බෙල්ලෙන් ඇදගෙන පිනා ළඟට අරන් යන්නෙ.."

"උඹේ කන් ඇහෙනවාද සතියා.. මම මේ උඹට කතා කරන්නෙ.."

මගේ පස්සෙන් කොරිඩෝ එක දිගේ ආපු කවියා මට කෑගහද්දී මං එහෙම්මම පිටිපස්ස හැරිලා උගේ ෂර්ට් එකෙන් ඇදලා ගත්තෙ ඒත් එක්කම ෆ්‍රිපෙක්ට් රූම් එකේ ඉඳලා අකිලයායි සිහිනයි එලියට එද්දී..

"මාව මාරයා කරගන්නෙ නැතුව මට මගේ පාඩුවේ ඉන්න දීපන් කවියා.. නැත්නම් මට අමතකයි වෙයි උඹ මගේ හොඳම යාලුවා කියන එකත්.."

කාළි [Completed]✅Donde viven las historias. Descúbrelo ahora