56📖️

6.9K 1.1K 320
                                    

වසර විස්සකට පෙර........

"ඒ මේ අන්න අරුන් පහළ ඉන්නවා.. වලියට යන්නෙ නැතුව දැක්කෙ නෑ වගේ යමන්.."

හේෂ්ගෙ ගමේ ගිහින් එයා එක්කම අපි ආයෙත් සෙනසුරාදා හවස නුවර ආවේ ඉරිදාට ක්ලාස් තිබුණ නිසා වෙද්දී ක්ලාස් ඇරිලා පඩිපෙල දිගේ පහලට බහිද්දි #### එකේ කැප්ටන් ධනුකයායි උගේ යාලුවෝ සෙට් එකයි පාරේ ඉන්නවා දැකලා කවියා එහෙම කිව්වෙ මමදිහා නොරිස්සුමෙන් බලද්දී..

"ඇයි උඹ බය ද.."

"බයකට නෙමෙයි යකෝ.. උඹ ටීම් එකේ කැප්ටන් වෙලා මුන් එක්ක වලිදාගන්න ගියාම අපේ ස්කෝලෙටනෙ සවුත්තුව.."

"මම නෙමෙයිනෙ බං ඕකුන් එක්ක පැටලෙන්න යන්නෙ.. අරූනෙ හේතුවක් නැතුව මාත් එක්ක එල්ලීගෙන එන්නෙ.."

"හේතුවක් නැත්තෙ නෑ තියෙනවා.."

මෙච්චර වෙලා සද්ද නැතුව ඉදපු චතුරයා කියද්දී අපි සෙට් එකම ඌ දිහා හැරිලා බැලුවා..

"මොකක්ද අපි නොදන්නසීන් එක.."

"උඹට මතකද සතියා හැමදාම උදේට බස් එකේදි උඹ දිහා බලාගෙන ඉන්න කෙල්ල.."

"මොන කෙල්ලද.."

මම කුතුහලයෙන් අහද්දී දස්සා මගේ උරේ වටේ අතක් දාගත්තා..

"ගර්ස් එකේ හංසි බං.."

"මොකී..?"

"පොඩ්ඩක් හිටපන්.. උඹ ඔය කියන්නේ අර දවසක් බස් එකේදි මුගේ ඇඟට ආපු එකී ගැන එහෙම නෙමෙයිනෙ.."

"ඒකි තමයි.."

"අම්මපා කියපන්.. හරි ඉතිං දැන් මොකක්ද ඒකායි මේකයි අතර තියෙන සම්බන්ධෙ.."

"ඔය ධනුකයා ඒකිට සෑහෙන්න කාලෙක ඉදන් ට්‍රයි බං.. ඒ උනාට ඒකිගෙ ඇස් තියෙන්නේ අපේ එකා ගාව.. "

කාළි [Completed]✅Donde viven las historias. Descúbrelo ahora