100📖️

10.3K 1.3K 747
                                    

"ම්ම්... සතී..."

ඇස් අරින්නෙ නැතුවම තුරුලු වෙන්න හිතාගෙන සතීව හෙව්වා උනාත් එයාගෙ උණුසුම නොදැනෙද්දී මම මූණ ඇද කරගත්තා..

එයාව ඕනනෙ.. ම්හුක්..

ඇඟට දැනුන තෙහෙට්ටු ගතිය මාව තවත් කම්මැලි කරද්දී අකමැත්තෙන් උනාත් ඇස් ඇරපු මම කාමරේ පුරාවට එයා ඉන්නවා ද බැලුවා..

මෙයා කොහේ ගිහින් ද..

"ආව්.."

ඇඳ උඩ වාඩිවෙන්න ගිය මට කොන්දෙන් දැනුන වේදනාව නිසාම කෙඳිරි ගෑවෙද්දී මං ඇඳෙන් බිමට බැස්සෙ කොන්ද අතගාන ගමන්..

එදා වගේම අදටත් මට එයාව දරාගන්න ලේසි උනේ නැහැ.. අවුරුදු විස්සක් තිස්සේ තනියම ඉදපු නිසාද මන්දා එයා ඇඳේදි ලේසියෙන් සතුටු නොවෙද්දි අපි එකට ඉදපු දවස් තුනේම මම මට පුලුවන් උපරිමයෙන් ඉවසුවා..

"හරි සෝක් නාකි පාතාලයාගෙ හැසිරීම නම්.. දෙන්න හිතෙනවා බැල්කනියෙන් පහලට විසික් වෙන්න පයින් පාරක්.. ඇයි යකෝ.. මගෙ පපුව ගන්න දෙයක් නෑනෙ.. හැමතැනම දත් පාරවල්.. බෙල්ලත් ඉවරයි.. දැන් කොහොමද අපිලා සමාජෙට මූණ දෙන්නෙ.."

කුටු කුටු ගගා එයාට බැන්නාට මොකද අන්තිමට මං කරේ තොල හපාගෙන හිනාවෙන එක වෙද්දී ඇඳ පාමුල බිම වැටිලා තිබුණ බාත්රෝබ් එක අරන් මම ආයෙත් ඇඳගත්තා..

"සතී.."

"සතීෂ.. ඔයා කොහෙද සුදු මහත්තයා.."

"ස..... ආ මේ ඉන්නෙ.. ඇහුනෙ නැද්ද මම කතා කරනවා.."

ෂෝටක් ඇඳගෙන සිගරට් එකක් තොල් අතර තියන් බැල්කනි එකට වෙලා ඉදපු එයා ළඟට ගිය මං එහෙම්මම එයාගෙ බෙල්ල අස්සට මූණ ඔබාගත්තෙ මගේ අත් එයා⁣ගෙ ඉන වටේ පැටලෙද්දී වෙනකොට ඒ මූණෙ ලාවට හිනාවක් ඇඳුනා..

"නැගිට්ටද.."

"හ්ම්ම්.."

එයාගෙ තොල් වල පහස නළලෙ පැත්තකට දැනෙද්දී මගෙ ඇස් ආයෙත් පියවිලා ගියා..

"මම හිතුවෙ හෙට එලිවෙනකම් නිදියයි කියලා.."

"ඔයා ළඟ නැති නිසා ඇහැරුණා.."

මම ආයෙත් කට උල් කරගත්තා..

"ඔයාගෙ ඇඟට තෙහෙට්ටු නැද්ද දරුවෝ.."

කාළි [Completed]✅Où les histoires vivent. Découvrez maintenant