60📖️

9.3K 1.3K 478
                                    

ගිනි පෙලෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරි එලියටත් බයයි කියන්නේ බොරුවට නෙමෙයි..

අහිමි වීම කියන්නෙම පපුව පාරවන වේදනාවක් වෙද්දී හේෂ්ව නැති කරගත්ත මං ආයෙ ජානුල්වත් නැති කරගන්න බය වුණා.. ඒ ගැන හිතද්දිත් මගේ හුස්ම හිර වෙනවා වගෙයි මට දැනුනෙ..

"ජානුල්.."

"ජානුල් කතා කරපන්.."

"ජානුල්ල්.."

මහ රෑ කලුවරේ පිස්සෙක් වගේ එයාගෙ නම කියලා කෑගහන ගමන් මම තේ වත්ත මැදින් ඉස්සරහට දිව්වෙ ටෝච් එක වැටිලා තිබුණ තැන ඉදන් පයින් ඇවිදගෙන යන්න පුලුවන් එකම අඩිපාර ඒක උන නිසා..

එයාව කවුරුහරි අරන් ගියා නම් යන්න ඕන මේ පාරෙන්.. මොකද අනිත් පාරවල් දෙක තිබුණේ එකක් ලැයිමට අනික බංගලාව පැත්තට වෙද්දී මං ගිය පාරෙ වෙන කවුරුත්ම ඉඳියේ නෑ කියලා මට හොඳටම විශ්වාසයි..

"ජානුල්ල්.."

මම ආයෙත් එයාගෙ නම කියලා කෑගහනවාත් එක්කම මට ඇහුනා කවුරුහරි වේදනාවෙන් කෙඳිරිගාන සද්දයක්..

"ජානුල්.."

ඒ සද්දෙ ඇහුන පැත්තට මම දුවගෙන යද්දීම කවුරුහරි කලබලෙන් එතනින් දුවනවා කියලා මට තේරුණාත් මගේ ඇස් නතර උනේ එතන හිටගෙන ඉඳපු කෙනා ළඟ වෙද්දී ටෝච් එලියෙන් ඒ ජානුල් කියලා මට අදුරගන්න පුලුවන් වුණා..

"ජානු.."

"සි..සින්නදොරේ.."

දෙසැරයක් නොහිතාම එයා ළගට වේගෙන් ඇවිදගෙන ගිය මං එයාව ඇදලා අරන් මගේ පපුවට තුරුලු කරගත්තේ මෙච්චර වෙලා හිර කරගෙන ඉදපු හුස්ම පහලට දාන ගමන් වෙද්දී මගේ පපුව වගේම එයාගෙ පපුවත් වේගෙන් ගැහෙනවා කියලා මට දැනුණා..

තත්පර ගානක්.. නෑ ඊටත් වැඩි.. හරියටම කිව්වොත් විනාඩි ගානක් එයාව තුරුලු කරන් ඉදපු මං එයාව මගේ තුරුලෙන් මෑත් කරේ කම්මුලක් උඩ අත තියන ගමන්..

"ඔයා හොඳින් නේද මගෙ පුතේ.."

මම මගේ ඇස් එයාගෙ ඇඟ පුරා අරන් ගියේ එයාට තුවාල වෙලාද කියලා බලන්න වෙද්දී එයා මගේ දිහා බලන් ඔලුව වැනුවා.. ඒත් එක්කම තමයි මගේ ඇස් එයාගෙ අතේ තිබුණ පොඩි පේපර් කටර් එකක් ලග නතර උනේ.. එයාගෙ අතේ වගේම පේපර් කටර් එකෙත් ලේ තැවරිලා තියෙද්දී මට එයාගෙන් මොකක්ද උනේ කියලා අහන්න ඕන උනාත් කොල්ලා ඉන්නෙ කම්පනෙන් කියලා තේරුන නිසාම මුකුත් නාහාම මං එයාව අත් දෙකට උස්සලා ගත්තෙ එයා මගේ බෙල්ලෙ මූණ හංගගනිද්දී..

කාළි [Completed]✅Where stories live. Discover now