96📖️

10.1K 1.3K 808
                                    

දෙනෝදාහක් මිනිස්සු මැද මං නිවෙන එකම තැන..

ඒ තමයි උඹ මගෙ මැණික..

මට එහා පැත්තෙන් ඇඳේ දිගා වෙලා නිදන් ඉන්න එයා දිහා මම ඇහිපිය නොගහා බලන් ඉඳියා..

කාලෙකට පස්සෙ අද එයාගෙ ඇස් සැනසීමෙන් පියවිලා.. මට එයා පව් කියලාත් හිතුණා.. මේ පොඩි වයසට එයා මොනතරම් නම් දුකක් ඉහිලුවාද..

ඒත් මම හිතුවාට වැඩිය මගේ කොල්ලා හුඟාක් ශක්තිමත්.. සමහරවිට මේ මටත් වැඩිය..

එක ඇඳේ අපි දෙන්නාටම ඉන්න ඉඩ මදි උනාත් මම වද කරලා එයාව ඇඳට ගත්තෙ ඊයෙ රෑ තිස්සෙම කොල්ලාට නින්දක් නෑ කියල දැනන් ඉදපු නිසා වෙද්දී පෙරේදා රෑත් මම බලෙන්ම එයාව මගේ ඇඟට යට කරගත්තා කියලා මට ආයෙත් මතක් වුණා..

උණත් අරගෙනනෙ ඉඳියේ.. එයාගෙ ඇඟට තෙහෙට්ටු ඇති..

හිතින් එහෙම හිතන ගමන් මම එයාගෙ ඇහිබැමි දිගේ මගේ ඇඟිල්ලක් අරන් ගියේ එයා නින්දෙන් කෙඳිරි ගාද්දී..

"ම්හුක්.. ස..තී.."

"ෂ්.. නිදියන්න සුදූ.."

පොඩි එකෙක් වගේ නින්දෙන් කෙඳිරි ගාගෙන මගේ අත් ගොබේට මූණ තද කරගත්ත එයාගෙ පිටට මං හෙමින් තට්ටුවක් දැම්මා..

මේ මට වෙඩි වැදුන මුල්ම වතාව නොවෙද්දී තුවාල වල වේදනාව දරාගන්න මට ඒ හැටි අමාරු උනේ නැහැ.. කොහොමත් අවුරුදු විසි ගානක් තිස්සෙ පදම් වෙලා මගේ ඇඟත් දැන් මේවාට හුරු වෙලා තියෙන්නෙ..

"සතී.."

"ඇයි මැණික.. මම ඔයාව ඇහැරුවාද.."

"වෙලාව කීයද.."

එයා ඇස් පියාගෙනම වෙලාව කීයද කියලා ඇහුවෙ මගේ පපුවෙන් මූණ අහකට ගන්නෙ නැතුව වෙද්දී මම එයාගෙ හිස් මුදුනට තොල් තද කරා..

"නමය පහු වෙලා.."

නමය පහුවෙලා කිව්වා විතරයි එයා කලබලෙන් ඇස් ඇරලා ඇඳෙන් බැස්සේ මං එයාගෙ අතින් අල්ලගනිද්දී..

"මොකද ජානු.."

"ඇයි මාව ඇහැරෙව්වෙ නැත්තෙ.. ඔයා කෑම කාලා බෙහෙත් බොන්න ඕනනෙ.."

"තාම නමයයිනෙ දරුවෝ.. බෙහෙත් බොන්න ටිකක් පහු උනා කියලා මං මැරෙන්නෙ නෑ.."

කාළි [Completed]✅Where stories live. Discover now