57📖️

9.4K 1.4K 338
                                    

වසර විස්සකට පෙර.....

"දැන් හරි.."

හේෂ් කියද්දී ගහ දිහා බලපු මම ආයෙත් එයා දිහා බැලුවේ ඇහිබැමක් උඩට උස්සලා..

"මේ මොකක්ද.."

"අපි දෙන්නාගෙ නම් වල මුල අකුරු.."

එයා හිනා උනේ සතුටින් වෙද්දී කලිසම් සාක්කු වලට අත් දාගත්ත මම ටික වෙලාවක් එයා දිහා බලාගෙන ඉඳියෙ එයාගෙ ඇස් ගහ ළඟ නතර වෙලා තියෙද්දී..

"ලස්සනයි නේද.."

"හ්ම් ලස්සනයි.."

මම හෙමීට මුමුනලා කිව්වාම මගේ දිහා බලලා කට උල් කරපු එයා මගේ උරේට පාරක් ගැහුවා..

"ඔයා ඒ දිහා බලන්නෙවත් නැතුව බොරුවට ලස්සනයි කියනවා.."

"දැන් කවුද කිව්වේ මම බැලුවේ නෑ කියලා.."

"ඔයා බලාගෙන ඉන්නෙ මගෙ දිහානේ.."

"හරි ඉතිං තමුසෙ ලස්සනට ඉන්නවානෙ.. එතකොට කාට උනත් ඉබේම බැලෙනවා.."

"විකාර.."

"වෙන්න ඇති.. ඇයි දැන් මේ ගහේ අපේ අකුරු කෙටුවේ.."

"තව අවුරුදු ගානක් ගියාත් අපි නැති උනාත් අපේ මතක මේ වැව රවුමෙ ඉතුරු කරලා යන්න ඕන නිසා.."

"කවුද දන්නෙ ඉතිං තව කොච්චර කාලයක් මේක මෙතන තියෙයිද කියලා.."

"මහ මොකෙක්ද මන්දා.. රොමෑන්ටික් මූඩ් එක කනවා.."

මට කට ඇද කරපු හේෂ් අහක බලද්දී මං එයාගෙ කම්මුලක් මිරිකලා ගිහින් එතනම එහා පැත්තෙ අයිස්ක්‍රීම් විකුනපු කෙනාගෙන් අයිස්ක්‍රීම් කෝන් දෙකක් අරගෙන ඇවිත් එකක් එයාට දුන්නාම එයා මගේ දිහා බැලුවේ පුදුමයෙන්..

"මොකෝ ඔහොම බලන්නෙ.."

"නෑ මං මේ බැලුවේ කවදාවත් නැතුව කැමැත්තෙන් මට අයිස්ක්‍රීම් අරගෙන දෙන්න හිතුනෙ මොකද කියලා.."

කාළි [Completed]✅Where stories live. Discover now