"වේ# බ## අද මම තෝව නොමරා මරනවා.. හෙට එලිවෙද්දී උඹේ ඔය ඇස් වල අඬන්න කඳුලක් ඉතුරු වෙලා තියෙන එකක් නෑ.. හිටපන්කො අද තොගේ අමාරුව මං හොඳ කරන්නම්.. මෙහෙට වරෙන්.."
මෙච්චර කාලෙකට උඹ තෝ ඇරෙන්න වෙන කිසිම වචනයක් කියලා බැනලා නොතිබුණු එයා අද මට කතා කරේම කුණුහරුපෙන් වෙද්දී හිතට දැනුන දුකටම මගේ ඇස් වල කඳුලු පිරුණා..
ඔයා මෙච්චරටම නපුරුයි ද සතී..
එයා මගේ කොණ්ඩෙන් ඇදලා ළඟට ගනිද්දී මම එයා දිහා දුකෙන් බලන් ඉඳියාත් එයාගෙ ඇස් වල ඉතුරු වෙලා තිබුනේ කේන්තියක් විතරයි..
"තමුසෙ කොහෙද මගේ හේෂ්ව අරගෙන යන්න හදන්නෙ.."
සතී මාව රූම් එකෙන් එලියට අරන් යන්න හදද්දී ඉෂානි අපි ඉස්සරහට ආවේ සතීගෙ පාර හරස් කරන ගමන්..
"එහාට පලයන්.."
"මට බෑ.. හේෂ් මගේ.. තමුසෙ කො.... ආර්හ්හ්..."
චටාස්
"සතීෂ.. ඒ කෙල්ලෙක්.."
"මගෙන් මැරුම් නොකා තෝ කට වහගෙන ඉදපන් ජානුල්.. තොට හරි අමාරුයි නේද මං මේකිට අත උස්සද්දි.."
පිස්ටල් එක තිබුණ අතින්ම සතී ඉෂානිගෙ මූණට ගහද්දී මට කෑගැස්සුනෙ මොනවා උනාත් එයා දැන් ඉන්න කේන්තියෙ හැටියට ඉෂානිව මරලා දායි දෝ කියලා හිතට බයක් දැනුන නිසා..
මෙච්චර මිනිස්සු ගොඩක් ගැවසෙන තැන සතීගෙ අතින් එහෙම දෙයක් උනොත් අනිවාර්යයෙන්ම එයාව වරදට අහු වෙනවා.. මට බෑ මං නිසා එයා කරදරේ වැටෙනවා බලාගෙන ඉන්න.. ඒ නැතත් මගේ ජීවිතේ බේරපු කෙල්ලව එහෙම හිතක් පපුවක් නැති එකෙක් ගානට මරලා දාන්න ඉඩ දෙන්නෙ කොහොමද..
"තමුසෙ.... තමුසෙ කොහොමද මට එහෙම අත ඉස්සුවෙ මිනිහෝ.. උඹ දන්නවා ද මං කාගෙ කවුද කියලාවත්.."
"තෝ මේ රටේ ජනාධිපතිගෙ දූ උනාත් මට අදාල නෑ යකෝ.. මට මේ දැන් උඹව මරලා දාන්න ඕන කියලා හිතුනොත් මං මෙතනම උඹව ඉවරයක් කරනවා.. ඒ තමයි මේ කා....."
"සතීෂ.."
එයාගෙ කටින් එයා කවුද කියන ඇත්ත ඉෂූ ඉස්සරහා කියවෙන්න යද්දී මං එයාව නතර කරා..
YOU ARE READING
කාළි [Completed]✅
Fanfictionඋඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)