රෝමාන්තික රාත්‍රියක සලකුණු ඒ ඇඳ පුරා ඉතුරු වෙලා තියෙද්දී ඇඟට වැටිලා තිබුණ සුදු රෙද්ද පපුවට ලං කරගත්ත මම ඒක මගේ ඇඟිලි තුඩු වලින් මිරිකගත්තා..
හැඟීම් අවුස්සන්න සමහර පිරිමින්ට බලහත්කාරකම් නැත්නම් තර්ජනය කරන්න ඕන කියලා එදා රෑ තමයි මට හරියටම තේරුම් ගියේ..
රෑ පුරා සිද්ද උන හැමදෙයක්ම එකින් එක මතකෙට එද්දී මගේ කම්මුල් ලැජ්ජාවටම රතු උනා.. මං හැමදාම දැකපු සින්නදොරේ නෙමෙයි ඊයෙ රෑ මගේ ළඟ ඉඳියේ.. අවුරුදු විස්සක් තිස්සේ හිර කරගෙන ඉඳපු හැඟීම් වල වැටකඩුලු එයා එකින් එක බිඳලා දැම්මෙ මට මාවත් අමතක කරවන ගමන්..
පුපුරු ගහන තොල් දිවෙන් තෙත් කරපු මං මට එහා පැත්තෙන් නිදාගෙන ඉන්න එයා දිහා බැලුවා.. ඒ පිට පුරා මගේ නිය පාරවල් රටා ඇඳලා තියෙද්දී එහෙම්මම පහත් උන මම එයාගෙ පිටට හාදුවක් තිබ්බෙ ආදරෙන්..
දැන් ඔයා මගේ විතරමයි සතී..
ඒත් එක්කම එයාගෙ අතක් මගේ ඉන වටේ පැටලෙද්දී මාව එයාගෙ පපුවට ඇදිලා ගියේ වචනයක්වත් නොකියා ඇස් පියාගෙනම එයා මාව තුරුලු කරගනිද්දී වෙද්දී මම ඇඟිල්ලක් එයාගෙ ඇස් තොල් වගේම මූණ පුරා අරන් ගියා.. නාකි පාතාලයා නාකියි කිව්වාට නාකිමත් නෑ.. මගේ මූණට ආයෙත් ආවෙ හිනාවක්.. පෙනුමෙන් වගේම හැසිරීමෙනුත් එයා තවමත් අවුරුදු විසි ගානක කොල්ලෙක් වගේ වෙද්දී ගෙවිලා ගිහින් තිබුණේ එයාගෙ වයස විතරමයිද කියලාත් මට ආයෙ හිතුනා..
එක අතකට කල්පනා කරලා බලද්දී ආදරේට වයස කවදාද බාධාවක් උනේ.. වයසට යන්නෙ හමේ රැළි ටික විතරයි එහෙම නැතුව ආදරේ නෙමෙයිනෙ.. මිනිස්සු මැරුනාත් කවදාවත් හැඟීම් මැරෙන්නෙ නෑ.. පපුව පුරවලා හුස්මක් ගත්ත මං එයාගෙ උණුසුමට ගුලි උනා..........
.
පැය කිහිපයකට පෙර......
"මාව ඔයාගෙ කරගන්න.."
මං දන්නෙ නෑ ඒ වචන කටින් පිට කරගන්න මට කොහෙන් හයියක් ආවා ද කියලා.. හේතුවක් ඇතුව හෝ නැතුව මගේ යටි හිත මට කිව්වෙම මං අද මේ දේ නොකරොත් ඉස්සරහට මට පසුතැවෙන්න වෙයි කියලා වෙද්දී මගේ කටින් පිට උන වචනත් එක්ක එයාගෙ ඇස් ගැස්සුනා..
YOU ARE READING
කාළි [Completed]✅
Fanfictionඋඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)