74📖️

8.6K 1.2K 308
                                    

වසර විස්සකට පෙර....

"ආ මල්ලිලා.. ලොකු වැඩක් වගේනෙ.. අපිත් එන්නද සපෝට් එකක් දෙන්න.."

එකසැරේටම ඇහුන කටහ⁣ඬින් මම වගේම හේෂ්නුත් හැරිලා බලද්දී රස්තියාදුකාර පෙනුම තිබුණ කොල්ලොතුන්දෙනෙක් අපේ දිහා හිනාවීගෙන ඇවිදන් ආවේ මං උන් දිහා ඔලුවෙ ඉදන් කකුල් දෙකට යනකම් බැල්මක් දාද්දී..

"සතී අපි යමු.."

"ඒ මොකටද.."

"මුන්එච්චර හොඳ මිනිස්සු වගේ පේන්නෙ නෑ.. නිකන් අනවශ්‍ය ප්‍රශ්න වල පැටලෙන්න ඕන නැහැනේ.. අපි මෙතනින් යමු.."

"නෑ ඔයා ඔහොම ඉන්නකො.. අපි බලමුකෝ මුන් මොකටද එන්න හදන්නේ කියලා.. එහෙම මේ එක එකාට බයේ යන්නෙ මේ පාර උන්ගෙ අම්මා අප්පාගෙද.."

"ඔයාට වචනයක් එහාමෙහා වෙන්න බෑනෙ.. පොඩ්ඩ ඇත්නම් පැටලෙන්න බලාගෙන ඉන්නෙ.. හැබැයි සතී ඔයා මෙතනත් රණ්ඩුවක් ඇල්ලුවොත් නම් මම බලාගන්නම්.."

"හරි ඕයි.. උන් රණ්ඩුවට එන්නෙ නැතුව මම විහින් පැටලෙන්න යන්නෙ නෑනෙ.."

"මේ අයියලාට මොකක්ද දන්නෙ නෑ නේද වෙන්න ඕන.."

හේෂ්ට උත්තර දීපු  මම හැරිලා අපි ළඟට ආපු කොල්ලොන්ගෙන් එහෙම අහද්දී ඉස්සරහින් ඉදපු කොල්ලා උගේ රැවුල ඇඟිලි දෙකකින් පිරිමැද්දෙ මම නළල අග කසන ගමන් ඌ දිහා බලන් ඉඳිද්දී..

කාළි [Completed]✅Where stories live. Discover now