12📖️

11.4K 1.5K 583
                                    

වසර විස්සකට පෙර...

වැස්ස ලස්සනම නුවරට.. නුවර ලස්සනමත් වැස්සට.. කොහේදෝ තිබිලා එහෙම කියෙව්වා වගේ මතකයක් තියෙනවා..

ඉස්සර හවසට මා එනතුරු ඔබ
මෙතනම සිටියා දෙනෙත අයා
එකම රියක නැග එකම අසුනෙ හිඳ
ගිය හැටි මතකයි තවම එදා..

මේ බස් නැවතුම පෙර හැම දිනකම
අප හමු උන හැටි දැන උන්නේ
මා තනි උන බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නෙ..

ආයෙ ආයෙත් කඩේ ඇතුළෙන් ඇහෙන ඒ සිංදුව බස් හෝල්ට් එකේ කණුවකට හේත්තු වෙලා හේෂ් අහගෙන ඉඳියා.. එයා ඉන්නෙ ලොකු කල්පනාවක කියලා තේරුන නිසාම මම එයාට කරදර කරන්න ගියෙත් නෑ.. අදත් වහින්න වගේ.. මේ කාලෙට නුවරට වැස්ස අමුතු දෙයක් නොවුනාත් වැස්සට කලින් හීන් පොදත් එක්ක හමපු හුළඟ නිසා ඇඟේ හිරිගඩු පිපුණා..

"සතී.."

"ම්..?"

"කවදාහරි අපිටත් එහෙම වෙයි ද.."

"කොහොම..?"

මම ඇහුවේ ඇහිබැමක් උඩට උස්සන ගමන්..

"අර සිංදුවෙ වගේ.. මේ මතක එක්ක ඔයාට එහෙමත් නැත්නම් මට දවසක තනි වෙන්න උනොත් මොකද කරන්නෙ.."

"ඇයි තමුසෙ මේ රට අත්ඇරලා යන්නද හිතාගෙන ඉන්නෙ.. එහෙම ගියාත් යන්න වෙන්නෙ මාව කසාද ඳින්නනෙ.. ඒ නිසා විකාර නොහිතා ඉන්නවා.. දැන් ඇඟිල්ල කොහොමද.."

එයා අහපු ප්‍රශ්නෙත් එක්ක මගේ හිතේ නොරිස්සුමක් ඇති වෙද්දී කතාව මග ඇරපු මං එයාගෙ අත දිහා බැලුවා..

"ලොකුවට රිදෙන්නෙ නෑ.. පෑන අල්ලද්දි තමයි අමාරු.."

"තමුසෙටත් සිහියක් නෑනේ.. කොහෙවත් ඉන්න ලේන්නු දෙන්නෙක් ලව් කරනවා බලන්න ගිහින් අන්තිමට අත තුවාල කරගත්තා.."

කාළි [Completed]✅Where stories live. Discover now