කතාවක් තියෙනවා බිඳුණු මිනිස්සුන්ට ආදරේ කරන එක ලේසි නෑ කියලා.. මං හිතන්නෙ ඒ කතාව ඇත්ත.. මොකද මම කියන්නෙම කෑලි වලට බිඳිලා ගිය මනුස්සයෙක් වෙද්දී ජානුල් කරේ එයාගෙ ආදරෙන් මාව ආයෙත් එකට එකතු කරපු එක උනාත් මගේ යටි හිතට බයක් දැනෙනවා මාව ආදරෙන් වැළඳගන්න ගිහින් ඒ තියුණු කඩතොලු එයාව තුවාල කරයි ද කියලා..
ඒත් දැන් මට ආපහු හැරීමක් නෑ වගේම මට ආයෙ හැරෙන්න ඕනාත් නැහැ.. ජානුල් හේෂ් දෙන්නාම එක්කෙනෙක් නම් මං මොකටද දුක් වෙන්නෙ.. අවුරුදු විස්සකට කලින් ලබාගන්න බැරි උන අයිතිය අද මට ලැබිලා තියෙනවා.. ඒ නිසා කිසිම හේතුවකට මම ආයෙත් එයාට මගෙන් ඈත් වෙලා යන්න ඉඩ තියන්නෙ නැහැ..
ජානුල්ටයි පාරෝටයි දෙන්නාටම මුත්තුසාමිව බලන්න ඕන කිව්වාත් පොඩි එකීව හොස්පිට්ල් එක අස්සෙ රස්තියාදු කරවන්න මට හිත දුන්නෙ නැහැ.. කෙල්ලට දාහක් බොරු කියලා රාජිටයි තංගරාජාටයි බලාගන්න දීලා මම ජානුල් එක්ක හවස හොස්පිට්ල් එකට ආවා..
"මුත්තුසාමි.."
"සින්නදොරේ.."
"දැන් කොහොමද මුත්තුසාමි.."
"අපිලා හොඳින් තමා ඉන්නවා මාතියා.. අපිලාට තංගෙ අණ්ණා විෂ්තර කීවා තමා.. මාතියාව පුල්ලෙයාර්ම ආරක්ෂා කරන්න ඕන මාතියාගෙ දරුවෙක් කියලා හිතලා අපිලාගෙ කොලුවා සෙල්වාගෙන් බේරගත්තාට.."
මුත්තුසාමි කියද්දී ජානුල් තොල හපාගෙන හිනා උනේ මට උතුර දකුණ මාරු වෙද්දී.. යකෝ මගේ ළමයෙක් වගේ කිව්වාට පස්සෙ මම කොහොමද මේ මනුස්සයාගෙන් කටක් ඇරලා කොල්ලාව ඉල්ලන්නෙ.. අපරාදෙ නයා මුගෙ කකුල කෑවේ.. කන්න තිබුණේ කට..
මං මවාගත්ත හිනාවකින් මුත්තුසාමි දිහා බලද්දී එයාගෙ ඇස් තිබුණේ එහාට මෙහාට ඇඹරෙන ජානුල් ළඟ..
"මොක තමා උඹලා කොන්ද අතගානවා.."
"යේක අප්පා.. මේ... අපිලාට කොන්දෙ කැක්කුමක් හැදිලානෙ.."
"උඹලාට ෂරියට විෂේ.. කොහෙ හරි ඇනගෙන තමා තියෙනවා.."
"ඇන්නා නම් තමයි රෑ එලි වෙනකම් කුලප්පු උන මී හරකෙක්.."
YOU ARE READING
කාළි [Completed]✅
Fanfictionඋඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)