73📖️

8.7K 1.2K 417
                                    

වසර විස්සකට පෙර.....

"මොකද තොපි දෙන්නා හති දාන්නෙ.."

දස්සා මායි හේෂ්නුයි දිහා මාරුවෙන් මාරුවට ඇස් හීනි කරලා බලද්දී අපි දෙන්නා මූණට මූණ බලාගත්තේ ඉන්නෙ මළගෙදර කියලා අමතක වෙලා අපිට සද්දෙන් හිනා යද්දී..

"තොපි දෙන්නාට අමු කැපිලාද හු##.. මේක මගුලක් නෙමේ අවමගුලක්.. තැනට ගැළපෙන්න හැසිරියන් ගල්පාතයො දෙන්නා.."

"හරි හරි බං.. දන්නෙ නැද්ද හිටි ගමන් ඩාම් ඩූම් වෙලා අමතක වෙනවා.."

කවියාත් දස්සාට හවුල් වෙද්දී මම එතන තිබුණ හිස් පුටුවෙන් වාඩි උණා..

"තෝ තනියම වාඩි උනාම හරිද.. දැන් එතකොට අයියා හිටගෙන.."

"ඒකට කමක් නෑ කවීන්.. කොහොමත් මම දැන් ඇතුළට යනවා අකිලව බලන්න.."

අකිලලාගෙ වත්තෙ කෙලවර අඹ ගහක් යට පුටු කීපයක් තියන් කවියායි දස්සායි තව කොල්ලො කීපදෙනෙකුයි එක්ක කැරම් ගහද්දී හේෂ් අකිලව බලන්න කියලා ගෙට යන්න හැදුවාත් මම එයාගෙ අතින් ඇදලා අරන් මගේ උකුළෙන් වාඩි කරගත්තේ හැමෝගෙම ඇස් අපි දිහාට හැරෙද්දී..

"සතීෂ.. පිස්සු ද.."

එයා මගෙන් ගැලවෙන්න හැදුවාත් මම එයාගෙ ඉන වටේ අත් පටලගෙන බෙල්ලට මූණ තියාගත්තා..

කාළි [Completed]✅Where stories live. Discover now