91📖️

10.4K 1.2K 817
                                    

"තේනු.. බබා මුරණ්ඩු වෙන්න එපා.."

"මට බෑ.. බෑ කියන්නේ බෑ.. වදයක් නොවී ඉන්නවා ද අයියේ.."

"අම්මපා මට ඕන දෙයක් ඉවසන්න පුලුවන් උඹේ ඔය මුරණ්ඩුකම ඇරෙන්න.. කියන දෙයක් කනකට ගන්නෙ නැත්නම් උඹ ඕන මගුලක් කරගනින් තේනු.. හැබැයි අංකල්ගෙන් හරි යාදව්ගෙන් හරි කාලා පස්සේ අඬාගෙන මගේ ළඟට එන්න එපා එච්චරයි.."

"ආ ඒක හරි කතාවක්නෙ.. තමුසෙ ළගට එන්නෙ නැතුව මම අල්ලපු ගෙදර මිනිහා ළගට යන්නද.. අනේ මේ තේව් මම කිව්වා කියලා හිතාගන්නවා.. මට දැන් අවුරුදු විසි හයක්.. මම කැමති තැනක යන්න එන්න මට කාගෙන්වත් අවසර ගන්න ඕන නෑ.. අනික මගෙ ජොබ් එකත් එක්ක මම කරන කියන හැමදෙයක්ම එයාලාට කියන්න මට කොහෙත්ම බෑ.."

"දැන් උඹ ඔය මට ද රවන්නෙ.."

"ඔව්.."

"අනේ මන්දා බං මම උඹේ මොනවා දැකලා උඹට කැමති උනාද කියලා.. විපක්ෂෙ උන් එක්ක වාද කරන එක ලේසියි ඒත් උඹේ කටත් එක්ක නම් මට කවදාවත් දිනන්න බෑ.."

"තේරුම්ගත්තා නම් හොඳයි.."

"මේහ් ඒක නෙමෙයි.. ⁣ඔයා මට ආදරෙයිනෙ.."

"ආ ආ ඒ සැරේ මොකද මේ එකපාරටම වෙස් පෙරලුනේ.."

"අප්පච්චිටයි අපේ අර ගොං මීමාටයි බොරුවක් කියන්න බෑද.. ඔයා හොඳයිනෙ.. ප්ලීස් මේ වතාවට විතරක්.."

"ඔය හොටෙත් උල් කරන් අහිංසක මූණක් මවාගනිද්දි මට හිතුනා මොකක්හරි මරාලයක් තමයි කියලා.. නෑ මම හොඳ නෑ.. තමුසෙ ඕන මගුලක් කරගන්නවා බබා මම නම් නෑ ඕවාට.. තමුසෙව හුරතල් කරනවා කියලා උඹේ අර ඩිවෝස් පප්පා මාව කන්න හදන්නේ"

"අනේ තේව්.."

සතීෂගෙ ගෙදරින් එලියට බැහැලා එනකොට තේනු ඉදියෙ තේව් එක්ක වීඩියෝ කෝල් එකක වෙද්දී එයාලාට ඩිස්ටර්බ් කරන්න හිත නොදුන්න නිසා මම ඈතින් නතර වුණා..

ඉඳලා හිටලා මෙහෙම රණ්ඩු කරාට මොකද එයාලා අතර තිබුණේ හරි ලස්සන බැඳීමක්.. බලන් ඉන්න ලෝභ හිතෙන ආදරයක්..

සතීෂගෙ බටු ඇටේ..

උඹ ජීවිතේ ගොඩක් ඉස්සරහාට ගිහින්.. ඒත් උඹේ සුදු අයියායි ලොකු අයියායි තාමත් එදා වගේම මග නතර⁣ වෙලා..

කාළි [Completed]✅Where stories live. Discover now