70📖️

9.5K 1.3K 562
                                    

වසර විස්සකට පෙර...

"එපා.."

හේෂ් කියපු දේ තේරුම්ගන්න බැරුව මම එයා දිහා ඇහිබැමි රැලි කරලා බැලුවාත්ගැම්මටම එයා මගේ අතින් ඇද්දෙ මම එයාගෙ ඇඟ උඩට වැටෙද්දී..

"යන්න එපා.. මට සීතලයි.."

එයා මගේ බෙල්ල වටේ අත් දෙක පටලවාගෙන කියද්දී මං එයා දිහා බලන් ඉඳියෙ ඇස් දෙකත් ලොකු කරන් කටත් ඇරගෙන..

"මො.. කැහ්ම්.. මොකක්ද කිව්වේ.."

"මගේ ළඟින් ඉන්න කියලා.."

මම උගුර පාදලා අහද්දී එයා ආයෙත් කලින් උත්තරේම දුන්නා.. තත්පර ගානක් හේෂ්ගෙ ඇස් දිහා බලාගෙන ඉදපු මම ආයෙත් මගේ ඇස් එයාගෙ තොල් දිහාට අරගෙන යද්දී ඒ කට කොනේ ඇඳුනෙ හිනාවක් වෙද්දී එයා එහෙම්මම මාව ඇඳ උඩ පෙරලගත්තෙ මගේ ඇඟට එන ගමන්..

"දැන් ටිකකට කලින් මාව එලෙව්වා නේද හෙඩ් පිපෙට් අයියා.. එකසැරේම මේ වෙනසට හේතුව මොකක්ද දන්නෙ නෑ.."

මම ඇහිබැමක් උඩට උස්සලා අහද්දී එයා පොඩි එකෙක් වගේ කට උල් කරගත්තා.. වෙලාවකට මහ කෝලමක් මේකා..

"ඇයි ඔයා හිනාවෙන්නෙ.."

"හිනා යන්නෙ නැද්ද තමුසෙගෙ වෙස් පෙරලෙන හැටි දැක්කාම.. ඒකත් මරු එකාතකට.. තමුසෙට ඔය දෙවිදිහම හරි යනවා.. ඒත් මං වැඩියෙන්ම කැමති මගේ ළගදි විතරක් පෙන්නන මේ හුරතල් මූණට.."

එයාගෙ කම්මුලක් මිරිකපු මම ආයෙත් එයාව ඇඳ උඩ පෙරලගත්තෙ එයාගෙ ඇඟ උඩට ඇවිත් ඒ තොල් මගේ තොල් අතරට මැදි කරගන්න ගමන්.. පොලවට වැටෙන වැහි බිංදු වල හඬ ටිකෙන් ටික වැඩි වෙද්දී ඇරලා තිබුණ ජනේලෙන් ඇතුළට හමාගෙන ආපු සීතලට අපි දෙන්නාගෙම ඇඟේ හිරිගඩු පිපුනාත් ජනේලෙ වහනවා වෙනුවට මට ඕන උනේ එයාගෙ පහසෙන් පණ ගහන හැඟීම් වලින් ඇඟ උණුසුම් කරගන්න..

කාළි [Completed]✅Where stories live. Discover now