වසර විස්සකට පෙර....
"සතී.."
"ම්.."
"එහාට වෙන්න.."
"ම්හු.. බෑ.."
"අම්මා ආවොත්.."
"ඉතිං.."
"ඉතිං කියන්නෙ දුප් එහාට.."
මගේ ඇස් මග ඇරලා අහක බලපු එයා මට එහාට යන්න කියලා නහින්න හැදුවා..
"බලනවා මගේ දිහා.."
"ඇයි.."
"ඇයි කියන්නම්.. ඊට කලින් බලනවාකො.."
"මට බෑ.."
"හේෂ්.."
"බෑ.."
හේෂ් බෑ කියපු නිසාම මම එයාගෙ කට දෙපැත්තෙන් අල්ලලා මගේ දිහාට හරවද්දී එයා මගේ ඇඟිල්ලක් රිදෙන්න හැපුවා..
"ආව්ව්.. මොකද යකෝ හපන්නෙ.."
"ඔයා වනචරකම් කරන්න හදන නිසා.."
මං එයාට රවද්දී එයා හිනාවෙලා යටි තොල හපාගත්තා..
"වනචරකම් කරන හැටි උඹ තාම දැක්කෙ නෑ.. ඔහොම ඉදපන්කො පෙන්නන්න.."
"සතී.. සතී එපා අනේ.. අතාරිනවකෝ මෝඩයෝ.. ආහ්හ්.."
එයා මගෙන් ගැළවෙන්න දඟලද්දි ඒ අත් දෙක තද කරලා අල්ලගත්ත මම එයාගෙ බෙල්ල පුරා හාදු තවරලා එකසැරේටම බෙල්ල ටිකක් හයියෙන් හැපුවේ එයාගෙ කටින් කෙඳිරියක් පිටවෙද්දී.. ඒත් එක්කම එයාගෙ මූණ රතු වෙද්දී මං කට කොනකින් හිනා වෙලා එයා දිහා බැලුවා..
"අන්න එහෙමයි වනචරකම් කරන්නෙ.. ඕන නම් මට ඊට වඩා දෙයක් උ............"
ඊට පස්සෙ සිද්ද උනේ මම කොහොමටවත් බලාපොරොත්තු නොවුන දෙයක් වෙද්දී එකසැරේටම හේෂ්ගෙ තොල් මගේ තොල් උඩ නතර වෙද්දී මගේ ඇස් නළලට ගියා.. මගේ පපුව ගැහෙන වේගෙ මගේම කන් වලට ඇහුනා වගේම තත්පරයක්වත් මගේ තොල් උඩ නතර නොවුන එයාගෙ තොල් දිහායි ඇස් දිහායි මම මාරුවෙන් මාරුවට බැලුවෙ මොකක්ද ඒ උනේ කියලා හිතාගන්න උත්සාහ කරන ගමන්..
"පුංචි හාමු මහත්තයාගෙ කන් දෙක රතු වෙලා.."
හේෂ් මගේ කනෙන් අල්ලලා හිනාවෙලා කියද්දී මට කොහෙවත් නැති කැස්සකුත් ආවා..
YOU ARE READING
කාළි [Completed]✅
Fanfictionඋඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)