85📖️

8.7K 1.3K 612
                                    

වසර විසි එකකට පෙර....

"ඔයා නිදි නැද්ද.."

රෑ දොළහත් පහු වෙලා තියෙද්දී හේෂ් මගේ පොත් මේසෙ ඉඳන් පාඩම් කරනවා මෙච්චර වෙලා බලාගෙන ඉඳපු මං නැගිටලා එයා ළඟට ගියා..

"එන්න නිදාගන්න.."

එයාගෙ ප්‍රශ්නෙට උත්තර දෙනවා වෙනුවට පොත වහලා දාපු මං එයාගෙ අතින් ඇදලා නැගිට්ටුවේ නොරිස්සුමෙන්.. වෙලාවකට මට එයා ගැන ලොකු දුකක් ඇති උනා.. උදේ ඉඳන් දවල් වෙනකන් ස්කෝලෙ පාඩම් වැඩයි බාහිර වැඩයි සේරටම නැහිලා හවස ක්ලාස් ගිහින් ආයෙ ගෙදර ඇවිල්ලාත් පාන්දර දෙක තුන වෙනකම් හේෂ් පාඩම් කරනවා.. මෙච්චර මහන්සි දැනිලාත් එයාබවක් කාටවත් නොපෙන්නා කොහොමද මෙහෙම හිනා වෙලා ඉන්නෙ කියන්න මට තාමත් හිතාගන්න බැහැ..

"දැන්ම නිදියන්න බෑ සතී.. තව පැය දෙකක්වත් පාඩම් කරලා එන්නම්.."

එහෙම කියපු හේෂ් ආයෙත් පුටුවෙන් වාඩි වෙන්න හැදුවාත් මං එයාට ඒකට ඉඩ දුන්නෙ නැහැ..

"ඔය ඇති.. එක දවසක් වේලාසනින් පාඩම් කරන එක නතර කරා කියලා මුකුත් වෙන්නෙ නෑනෙ.."

මම හේෂ්ගෙ ඉන වටේ අත් දාලා එයාව මගේ ඇඟට තෙරපගනිද්දි එයාගෙ අත් මගේ පපුව උඩ නතර වුණා..

"ඒ උ..."

හේෂ් කියන්න හදපු දේ අතරමග නතර කරපු මං එයාගෙ තොල් උඩ කෙටි හාදුවක් තිබ්බාම එයා ඇස් දෙකත් ලොකු කරන් මගේ දිහා බලන් ඉඳලා අත මිට මොලවලා මගේ පපුවට හෙමින් පාරක් ගැහුවෙ මූණත් රතු කරන්..

කාළි [Completed]✅Where stories live. Discover now