61📖️

8.8K 1.3K 460
                                    

"පලනි.. උඹේ අතට මොකක්ද උනේ.."

මං පලනි දිහා සැකෙන් බලන ගමන් අහද්දී එයා උත්තරයක් දෙන්න හැදුවාත් ඊට කලින් කොහෙදෝ ඉඳන් ආපු තංගරාජා ඉක්මන් වුණා..

"මේ මාතියා අද උදේ අර කන්ඩියෙන් පහලට වැටෙන්න ගියා තමා සින්නදොරේ.. අත සීරිලා.. අපිලා තමා බෙහෙත් දැම්මා.."

තංගරාජාව සැක කරන්න මට හේතුවක් නැති නිසා මං ඔලුව වැනුවේ පලනි දිහා බලාගෙන උනාත් මිනිහා මගේ ඇස් මග අරින විදිහෙන්ම මට තේරුම් ගියා පලනිගෙ මොකක්හරි හොරයක් තියෙනවා කියලා.. බලමුකෝ.. කලින් වතාවෙ මං උඹට සමාව දුන්නෙ හේතුවක් ඇතුවනෙ..

"උඹ තේ බිව්වා ද.."

"ඔව් කා.... අ.. ඔව් බිව්වා.."

පලනිගෙ කටින් මට කාළි කියලා කියවෙන්න යද්දී මං ඌට රැව්වෙ තංගරාජාත් අපි ළඟ ඉදපු නිසා..

"අතට අමාරුයි නම් බාලා එක්ක ඩිස්පෙන්සරියෙ ඩොක්ටර් ළගට පලයන්.."

"ලොකු අමාරුවක් නෑ.. පොඩ්ඩක් හීරිලා විතරයි.."

"හ්ම්.."

ම⁣ට උත්තර දීපු පලනි තේ හදන ජානු දිහාත් බලාගෙනම කිචන් එකෙන් යන්න යද්දී මං ඌ යන දිහා බලාගෙන ඉඳියා..

".....නදොරේ.."

"සතීෂ.."

"ආව්.. මොකද බං හැමතිස්සෙම ගහන්නෙ.."

එයා මගේ අතට පාරක් ගහද්දී මං අත අතගාන ගමන් එයා දිහා හැරිලා බැලුවා..

"සිහියකින් නෙමෙයිනෙ ඉන්නෙ.. කීවතාවක් නම් මං කතා කරාද.."

"⁣මං වෙන කල්පනාවක ඉඳියේ.. එහෙමයි කියලා ඔහොම මිනිහාට ගහන්න හොඳද.. පව් පිරෙනවා.."

"තාම ඔයා අපිලාගේ මිනිහලා කෙනා උනේ නෑ තමානෙ.. අපිලා හිතලා බලන්නම් කියලා කිව්වෙ.."

"ඇත්තද.. උඹ හිත හිතා ඉදපන්කො.. මං ඊට කලින් වෙන කාවහරි බඳින්නම්.. අම්මා ඊයෙ කතා කරපු වෙලාවෙත් කිව්වා ලොකුඅම්මා මට මනමාලියො හොයනවා කියලා.."

"හෙව්වාට ඕක බඳින්න වෙන්නෙ නෑ.."

කට කොනකින් හිනා වෙලා කියපු ජානුල් එයා හදපු තේ කෝප්ප දෙකෙන් එකක් මගේ අතට දුන්නෙ ඇඟිලි තුඩු වලින් ඉස්සිලා මගේ කනට ලං වෙන ගමන්..

කාළි [Completed]✅Where stories live. Discover now