වසර විස්සකට පෙර.....
"ආව්.. මොකද ය... බං අක්කෙ ගහන්නෙ.."
"ගහන්නෙ..? ගහන්නෙ නෙමෙයි මං අද තමුසෙව හම ගහනවා.. මෝඩ ගං කබර හිපාටුවා.. අම්මායි අප්පච්චියි ගෙදර නැති වෙනකම් ඉඳලා තමුසෙ මේ අහිංසකයාට බලහත්කාරකම් කරනවාද.."
"මොකක්.. කවුද බ.. ආව් මගේ කන යකෝ.. කවුද බලහත්කාරකම් කරේ.. අනික මුගේ කොහෙද අහිංසක.."
අක්කා මට හීන් ඉරටු දෙක තුනක් එකට තියලා ගහද්දී හේෂ් පුලුවන් තරම් අහිංසක මූණක් මවාගෙන බිම බලන් ඉඳියා.. ඒ උනාට මූට තිබුණා මොනවා උනාත් මගේ අනාගත මිනිහානෙ කියලා හිතලා මාව අක්කාගෙන් බේරගන්න..
"අනේ මේ මල්ලී මේ.. මං තමුසෙ ගැනත් දන්නවා හේෂ් ගැනත් හොදට දන්නවා.. තමුසෙ වගේ නෙමෙයි මේ කොල්ලා අහිංසකයි.. මම දැක්කානෙ කවුරු කාගෙ ඇඟ උඩට නැගගෙන ඉඳියෙ කියලා.."
"ඉතිං තමුසෙට ඔච්චර අමාරුයි නම් තමුසෙත් කාගෙ හරි ඇඟ උඩ නැග ගන්නවාකො.."
මම කියද්දී අක්කායි හේෂ්නුයි දෙන්නාම දමාගෙන මට රැව්වා..
"මොකද තමුසෙලා දෙන්නා වසරේ හොඳම රැවීමේ තරඟෙට යන්නවත් ප්රැක්ටිස් කරනවාද.."
"මං තමුසෙට කිව්වා කියලා හිතාගන්නවා මල්ලී හරිද.. මුලින් ඉගෙනගෙන ඉන්නවා.. පස්සෙ කසාද බැඳපු කාලෙක පුලුවන් ඔය දේවල් කරන්න.. මං ඔයාට අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑනෙ අපේ වලව්වෙ සිරිත් විරිත් ගැන.."
"හ්ම්.. හරි ඕයි මං දන්නවා.."
අක්කා නොකියා කියන්නෙ මොකක් ගැනද කියලා තේරුන මම ඔලුව වැනුවේ නොරිස්සුමෙන්..
"හේෂ් මල්ලී.. මීට පස්සෙ මෙයා ආපහු ඔහොම දෙයක් කරන්න හැදුවොත් බය නැතුව කම්මුල් පාරක් ගහන්න.. නැත්නම් ඇවිත් මට කියන්න.. තේරුණා ද.."
"හරි අක්කෙ.."
නොදකින් යකෝ මූ නම්.. හොර පූසා ඔලුව වනන ලස්සන.. මං ඒත් බලන් ඉඳියා මූ දැන් නැතුවට දැන් අනේ සතී වරදක් කරේ නෑ අක්කෙ කියයි කියනකම්.. කමක් නෑ දුකක් නෑ.. උඹ හිත හදාගනින් සතියා.. මගේ යටි හිත මට එහෙම කියද්දී මං අක්කා මිරිකපු මගේ කන අතගෑවේ කිචන් එක පැත්තට යන අක්කා දිහා බලන් එයාට ඇද කරන ගමන්..
KAMU SEDANG MEMBACA
කාළි [Completed]✅
Fiksi Penggemarඋඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)