49📖️

10.3K 1.5K 310
                                    

පාන්දර එකයි විනාඩි පහයි.. බිත්තියෙ එල්ලලා තිබුණ ඔරලෝසුවෙ කටු කරකැවෙන සද්දෙ කාමරේ ඇතුළෙ තිබුණ නිහඬ බව බිඳලා දාද්දී ⁣එක අතකින් වොඩ්කා ග්ලාස් එක අල්ලගෙන අනිත් අතෙන් මම මගේ කාමරේ ඩෝ වින්ඩෝ එක ඇරලා දැම්මෙ ඇතුළට ආපු සීතල හුළඟ ගතින් වගේම හිතින් විඳගන්න ගමන්.. ගොඩක් වෙලාවට රිදුන හිතකට හොඳම බෙහෙත තමයි සොබාදහම.. වැස්සට හුළඟට ඉරට හඳට එතකොට තරු වලට මල් වලට ඒ කාට අපි අපේ දුක කිව්වාත් උන් අපිට ඇති තරම් අඬන්න ඉඩ දීලා අහගෙන ඉන්නවා මිසක ආපස්සට අපේ හිත් තලන්න වචන වලින් දමලා ගහන්නෙ නෑ..

ජානුල් මාව කාමරෙන් එලවගන්න කියපු වචන වලට හිත රිද්දවගෙන ආපහු මං මගේ කාමරේටම එද්දී හැමදෙයක්ම අමතක කරන්න හිතාගෙන මං අදත් බොන්න ගත්තා.. අවුරුදු දහ අටක් වගේ පොඩි වයසෙන් බෝතලේ අතට ගත්ත මට දැන් මේ දේවල් අමුත්තක් නෙමෙයි..

'බේබද්දෙක් වගේ බීලා නාස්ති වෙන්න ද හදන්නේ.. ඔයා ඔහොම උනාම හේෂ් සතුටු වෙයි කියලා හිතනවා ද..'

කවදාවත් නැතුව මට එයාව මතක් වුණා.. මං අන්තිමට එයාව දැක්කෙ හේෂ්ගෙ සොහොන ළඟදි.. ඒකත් අවුරුදු විස්සකට විතර කලින්.. හේෂ්ගෙ අම්මා මීට මාස කීපෙකට කලින් මට කතා කරපු වෙලාවක කිව්වා කෙල්ල තවම කසාද බැඳලා නෑ කියලා.. සමහරවිට මට වගේම එයාටත් හේෂ්ගෙ මතක වලින් ගැළවෙන්න බැරුව ඇති..

උඹට කීදෙනෙක් නම් ආදරේ කරාද හේෂ්.. ඒත් උඹේ ආදරේ ලැබුන එකම කෙනා මං විතරයි..

සමහර වෙලාවට හිතෙනවා උඹ මට ආදරේ නොකරා නම් කියලා.. එහෙනම් අදටත් උඹ කාගෙ හරි ළඟ සතුටින් ජීවත් වෙන්න තිබුණා.. මගේ මූණට නැගුනෙ වේදනාත්මක හිනාවක්.. වොඩ්කා ග්ලාස් එකෙන් උගුරක් බොන ගමන් මං ඈත අහසෙ පායලා තියෙන පුංචි තනි තරුවක් දිහා බැලුවා..

ඒ ඔයා ද..

නෑ ඒ ඔයා වෙන්න බෑ.. එහෙනම් අර පොඩි කොල්ලා මගේ ඇඳ උඩ මේ වෙලාවෙ නිදාගෙන ඉන්නෙ කොහොමද..

මට ආයෙ එහෙමත් හිතුනා.. අක්කා කියනවා ජානුල් හේෂ්ම වෙන්න පුලුවන් කියලා.. මගේ යටි හිතත් මට නිතරම කියනවා ජානුල් කියන්නේ මගේ හේෂ්ටමයි කියලා.. මෙච්චර දවසක් මම කොල්ලාව මගේ ජීවිතේට ලං කරගන්න බය උනේ එයායි හේෂ්නුයි දෙන්නෙක් කියලා හිතලා.. ඒත් දැන්.. දැන් මට බය මං නිසා පොඩි එකාගෙ ජීවිතේට කරදරයක් වෙයි ද කියලා..

කාළි [Completed]✅Where stories live. Discover now