මං හිනාව හොයපු ගොඩක් තැන් වල මට හම්බ උනේම කඳුලු වලට හේතුවක් විතරක්ම වෙද්දී අන්තිමට මම තීරණයක් ගත්තා..
මං දන්නවා සමහරවිට මම අසාධාරණ ඇති..
ඒත් උඹට මැරීගෙන ආදරේ කරපු මාව උඹට නැතිවෙන්නම ඕන ජානුල්.. අන්න එදාට උඹ තේරුම් ගනියි උඹේ සතී අවුරුදු විසි එකක් තිස්සේ මොනතරම් නම් ගින්දරක් ඉහිලුවාද කියලා..
පැයකට විතර කලින් රේඩියෝ එකෙක් අහපු සිංදු වලින් මගේ මතකයේ ඉතුරු උනේ පද දෙකක් විතරයි..
රිදුන තරමට දැනෙනවා
දැනුන තරමට රිදෙනවාඒක තමයිලු ආදරේ නීතිය..
හ්ම්.. වෙන්න ඇති.. මට ආයෙ එහෙමත් හිතුණා.. ගැහෙන පපුව රිදෙන තරමට තමයි හුඟාක් උන්ට දැනෙන්න ගන්නෙ.. හරියට මේ මට වගේ..
තවත් විනාඩි ගානක් මං නුවර වැව දිහා බලාගෙන කල්පනා කරා..
නුවර කියන්නෙම වේදනාවක්.. එක්තරා විදිහක අමුසොහොනක්.. ඒ අස්සෙ ඇහැලේපොල කුමාරිහාමිවත් මට මතක් වුණා..
මේ නුවර වැව රවුමෙ ලක්සල ළඟින් පහළට තියෙන පාරට ඉස්සර ඇහැළේපොළ කුමාරිහාමි මාවත කියලා තමයි කිව්වෙ.. මට මතකයි දවසක් මං මෙතනම ඉදන් හේෂ් එක්ක වෙංකත රංගමාල් බිසව ගැනයි රාජසිංහ රජතුමා ගැනයි කතා කරා.. එදා රාජසිංහ රජතුමා ගැන මම දැකපු කෝණෙ වෙනස් එකක් උනාත් ඇහැළේපොළ කුමාරිහාමි සම්බන්ධ කාරණාවෙදි නම් රාජසිංහ කියන නමත් මට පිළිකුල් උනා..
මාතලේ උඩුගම උඩසියපත්තුවේ ගොඩහැළ කැප්පෙටිපොළ නිළමෙගෙත් මොනරවිල කුමාරිහාමිගෙත් දුව උන ඇහැළේපොළ කුමාරිහාමි කැප්පෙටිපොළ දිසාවෙගෙ සහෝදරී.. ඇහැළේපොල අදිකාරම්ගෙ බිරිඳ.. රාජද්රෝහියෙකු අල්ලගන්න බැරි උන තැන අඹුදරුවන්ට නීතියෙන් දඬුවම් කරන්න රජුට බලය තිබුණ කාලෙක ඇහැළේපොළ කුමාරිහාමියි දරුවොයි මරලා දාන්න රජුට හේතුව උනේ අදිකාරම්ගෙ ද්රෝහිවීමම නෙමෙයි.. රාජසිංහ රජුගෙ හිතේ ඇහැලේපොල කුමාරිහාමි එක්ක තිබුණ අමනාපයත් ඒකට හේතුවක්..
රජතුමාගෙ නොමනා යෝජනා ප්රතික්ෂේප කරපු තරහට ඇහැලේපොල අදිකාරම්ගෙ ද්රෝහිවීමේ චෝදනාව යටතේ නිවාස අඩස්සියේ ඉඳපු කුමාරිහාමිවයි දරුවොන්වයි මරලා දාන්න රජතුමා තීරණය කරන්නෙ සිංහල රාජ නීතියේ තිබුණ ගෑනුන් දරුවන් මරා දැමීම තහනම් නීතිය පවා නොසලකා හරිමින්.. පිළිවෙලින් ලොකු බණ්ඩාර මද්දුම බණ්ඩාර ටිකිරි මැණිකේගෙ හිස ගසාදාන්න අණකරන රජු වධකයන් ලවා අම්මාගෙන් කිරි උරමින් ඉන්න ඩිංගිරි මැණිකාගෙ ගෙල සිඳලා කටේ තියෙන කිරිත් එක්කම වංගෙඩියට දාලා මෝල්ගහෙන් කොටන්න කුමාරිහාමිට අණ කරනවා.. එහෙම නොකරොත් කුළ කාන්තාවකට විඳින්න පුලුවන් උපරිම අවමානය විදිහට කුලහීන ගහලයෙකුට පාවා දෙනවා කියලායි කියන්නෙ.. අවසානයෙ සිහිසුන් වෙන ඇහැළේපොළ කුමාරිහාමි බෙල්ලෙ ගල් බැඳලා බෝගම්බර වැවේ ගිල්ලලා මරා දානවා..
YOU ARE READING
කාළි [Completed]✅
Fanfictionඋඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)