07📖️

10.6K 1.6K 492
                                    

වසර විස්සකට පෙර..

ප්‍රැක්ටිස් ඉවර වෙලා ස්කෝලෙට එද්දි හතයි හතලිහ විතර වෙලා තියෙද්දී උදේ පීරියඩ්ස් දෙක කට් කරන්න හිතාගෙන දහයෙ වසරේ පොඩි එකෙක් අත බෑග්ස් ක්ලාස් එකට යවලා මායි කවියායි දස්සායි කැන්ටින් එක පැත්තට ඇවිදගෙන ගියා.. කැන්ටිමේ ඇන්ටිගෙ රුපියල් විස්සෙ ටීක් බෝල සයිස් උලුවඩයක් කාලා කිරි පැකට් එකක් බිව්වෙ නැත්නම් මුලු දවසම මුස්පේන්තුයි වගේ..

"උඹලා ඉදපන්.. මම ගිහින් අරන් එන්නම්.."

ස්පෝට්ස් මීට් ළඟ නිසා මේ දවස් වල ෆ්‍රිපෙක්ට්ස්ලාටයි හවුස් කැප්ටන්ස්ලාටයි වැඩ වැඩියි.. එහෙම වැඩ තියෙන වෙලාවට හැමෝම එකතු වෙන්නෙ කැන්ටින් එක ළඟට.. මොකද මෙතනින් එහා මෙහා යන ටීචර්ස්ලා ගානෙ ෆ්‍රී කන්න බොන්න ලැබෙනවානෙ..

"මෙතනින් වාඩි වෙයන් බං.."

කවුරුත් නොඉදපු හිස් ටේබල් එකකට යන ගමන් කවියා කියද්දී මාත් ඌත් එක්කම එතනින් වාඩි වුණා..

"කවුද මේ අපේ හෙඩා.."

පිටිපස්සෙ ටේබල් එකේ ඉදපු උන් කතා කරන්නෙ හේෂ් ගැන කියලා ඇහෙද්දී කවියා මට ඇස් වලින්පැත්ත පෙන්නුවාම උන්ට පිටුපාලා ඉදපු මං උන් කතා කරන දේවල් අත් බැදගෙන පුටුවට හේත්තු වෙලා අහගෙන ඉඳියා..

"ඔව් ඌ තමයි.."

"අඩෝ ඒ කියන්නෙ උඹ ඌට කැමතියිද.."

"පිස්සුද යකෝ.. උඹ හිතුවාද මං කොලුකාරයෙක් කියලා.."

"එහෙනම් දැන් තෝ මොකක්ද කියන්නේ කියපං.."

"ඒකනෙ බං.. මූ කියන මෙලෝ මගුලක් මට නම් තේරෙන්නෙ නෑ.."

"මම උඹලාට කිව්වෙ බං.. එදා මම හොරෙන් බලාගෙන ඉඳියා කියලා ඌ ඇඳුම් මාරු කරනවා.. පට්ට කඳ බං.. දවසකට ආතල් එකක් ගන්න සු....... ආර්ර්හ්හ්..."

කාළි [Completed]✅Where stories live. Discover now