27📖️

9.6K 1.4K 378
                                    

නපුරෙකුට පෙම් කළෙමි..

ඇසිය යුතු ප්‍රශ්න..

කෑවාද..
බෙහෙත් බිව්වාද..
දැන් කොහොමද..

නොඇසිය යුතු ප්‍රශ්න..

මගෙද..
ආදරෙයිද..
දැනෙනවාද..

(උපුටාගැනීමකි)

හේෂ්ගෙ ඩයරි එකේ ලියලා තිබුණ ඒ වචන කීපෙ එක දහවතාවකට වැඩිය කියවපු මං මගේ එහා පැත්තෙ ඩ්‍රයිවින් සීට් එකේ ඉදපු සින්නදොරේ දිහා ඔලුව හරවලා බැලුවා..

පිටින් බලද්දී එයා හිස් කවරයක් උනාත් පිටුවෙන් පිටුව පෙරලගෙන යද්දී වෙලාවකට මූණට හිනාවක් ගේන වෙලාවකට කේන්ති යන තවත් වෙලාවකට ඇස් වලට කඳුලු උනන මතක ගබඩාවක්.. එහෙමයි මං එයාව දැක්කෙ..

හේෂ්ගෙ සතී නපුරෙක් උනාත් එයා මම දැකපු ආදරණීයම ප්‍රේමවන්තයෙක් කිව්වොත් හරි..

ඒත් එදා හේෂ් දැකපු අවුරුදු දහඅටේ නහරකාර කොල්ලායි අද මාත් එක්ක මෙතන ඉන්න අවුරුදු තිස් අටේ පරිණත පිරිමියායි සම්පූර්ණයෙන්ම වෙනස් චරිත දෙකක්.. හරියට එකම කාසියක පැති දෙකක් වගේ..

සමහරු පොතක් අතට ගත්තාම ඒක ඉක්මනට කියවලා ඉවර වෙයි කියන බයටම එකම පිටුව දෙතුන් වතාවක් බලනවා වගේ මම හේෂ්ගෙ ඩයරියෙත් එකම පිටුව දහ දොළොස් වතාව කියවපු වාර තිබුණා.. මම බය මේකෙ පිටු ඉවර වෙයි කියලා නෙමෙයි.. එයා අන්තිමට අකුරු කරලා තියෙන වචන මගේ ඇස් වලට කඳුලක් අරන් එයි කියලා.. මොකද හේෂ් කියන්නෙම හරිම අහිංසක චරිතයක්.. ආදරයක් හොයපු හැම තැනකින්ම හිත් රිදවීම්ම විතරක් ලැබුණාත් ඒ හිතේ වේදනාව ලස්සන හිනාවකින් හංගගත්ත අහිංසක පුංචි සුරදූතයෙක්..

"සින්නදොරේ.."

"ම්..?"

"හේෂ් දැන් ඔයා ළඟ නෑ නේද.."

ඒ ප්‍රශ්නෙත් එක්ක ස්ටයරීන් වීල් එක අල්ලගෙන ඉදපු එයාගෙ අතේ ඇඟිලි වෙව්ලනවා මං දැක්කා.. මට උත්තරයක් නොදී විනාඩි ගානක් පාර බලන් ඩ්‍රයිව් කර එයා මගේ දිහා නොබලාම එහෙම ඇහුවා..

කාළි [Completed]✅Where stories live. Discover now