වසර විස්සකට පෙර....
"අල්ලපන් මචං තාලෙ.."
"ඔන්න එහෙනම් පටන්ගත්තා.."
"පියඹා යනවා මා ආකාශයේ
අවසා.......ආව්ව්.. මොකද ## ගහන්නෙ...""තොපි දෙන්නා මගෙන් ඔය තව කන්න හදන්නෙ.. නවත්තගනින් ඔය මගුල.."
"ඒ මොකටද.. යකෝ ෆ්‍රී පීරියඩ් එකක් නිසානෙ මූයි මායි අනිත් උන් එක්ක එකතු වෙලා සිංදුවක් කිව්වේ.."
"මං කිව්වා කියලා හිතාගනින් තොපිට.. තොපි ඔය සිංදු කියනවා කියලා කරන්නෙ මගෙන් ආතල් ගන්න එකනෙ යකෝ.."
"උඹ විහින් ආතල් සැපයුවාට අපිට කරන්න දෙයක් නෑනෙ මල්ලේ.. නැද්ද බං කවියා.."
"උඹලාට ම....."
"ආ ආ මොකද මේ කට්ටියගෙ සද්දෙ.. උඹලාත් ෆ්‍රී පීරියඩ් එකක් සෙට් උන ගමන් බජව් දාන්න ගන්නවානෙ.."
ඒත් එක්කම අකිලයා ක්ලාස් එක ඇතුළට ආවේ උගේ පස්සෙන් හේෂ්නුත් එද්දී වගේම එයාලා දැකපු කොල්ලො භූමිතෙල් ගහපු ගැරඩියො වාෂ්ප වෙලා ගිහින් වාඩි උනේ හේෂ් කෙසේ වෙතත් අකිලයා අත දිග ඇරලා කන අතගානවා කියලා දන්න නිසා..
"වැඩක් නැත්නම් පොතක් පතක් බලාගනිල්ලා.. එක්සෑම් ළගයිනෙ.. පිස්සු කෙලලා විභාගෙ අනාගන්නද හදන්නේ උඹලා.."
"මොකක්ද බං අයියෙ.. එකක් කියන්නම්.."
"මොකෝ උඹට කන අතගාගන්න ආසයිද.. ගනින් පොත්.."
මලිඳුවාට සද්දයක් දාපු අකිල කියද්දී මගේ ඇස් නතර වෙලා තිබුණේ අත් කලිසම් සාක්කු වලට දාගෙන මගේ දිහා බලන් ඉන්න හේෂ් ළඟ වෙද්දී එයාට රවලා මම අහක බලාගත්තාත් ඊලග තත්පරේ ආයෙත් සද්දෙන් පුටුව පස්සට කරන් නැගිටපු මම හේෂ්ගෙ අතින් ඇදගෙන ක්ලාස් එකෙන් එලියට ගියේ හැමෝම හොල්මන් වෙලා බලාගෙන ඉඳිද්දී..
ESTÁS LEYENDO
කාළි [Completed]✅
Fanficඋඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)