93📖️

9K 1.3K 561
                                    

රෑ දොළහත් පහු වෙලා විනාඩි ගානක් ගෙවිලා යද්දී කෑලි කපන්න පුලුවන් කලුවරේම වාහනෙන් බිමට බැහැපු මම ඇඳගෙන ඉදපු ඇඳුමට උඩින් අරාබිකාරයොන්ගෙ සුදු කැන්දෝරාව දාගත්තෙ සුදා මගේ ඔලුවට කොතරාවක් දාද්දී..

"මොන හු### ද බං මේ.. දැන් මේ මගුලත් ඔලුවට දාගන්න ඕනද.. යකෝ මේක හරියට අර වලං තියන දරණුවක් වගේනෙ.."

"කරන්න දෙයක් නෑ බොසා.. නැත්නම් නසීර්ට සැක හිතෙයි.. හමීඩ් වගේ නෙමෙයි මිනිහා අමාරුකාරයා.."

නොරිස්සුමෙන් කන් කෙදිරි ගාපු මම අන්තිමට යන්තම් අරහෙන් මෙහෙන් පටලගෙන ඇඳුම එල්ලගත්තෙ ෆෝන් එකේ හෝම් ස්ක්‍රීන් එකට දාලා තිබුණ එයාගෙ ෆොටෝ එක දිහා බලලා දිග හුස්මක් පිට කරන ගමන්..

"මල්ලී.."

කවදාවත් නැතුව මම අද සුදාට මල්ලී කියද්දී උගේ ඇස් ගැස්සුනා..

"අයියෙ.."

"මම හැමදාම කියනවා වගේ මගෙන් පස්සෙ මේ හැමදෙයක්ම උඹට බාරයි සුදා.. ඒ නිසා මම ඉඳියාත් නැතත් මේ හැමෝම උඹේ පවුලේ උන් කියලා හිතලා රැකපන්.. හැබැයි එකක්.. කවදාවත් ද්‍රෝහි වෙන එකාට දෙවනි අවස්ථාවක් දෙන්න යන්න එපා.. එහෙම උනොත් ඌ ඊලග වතාවෙ උඹේ පිටිපස්සෙන් ඉදන් නෙමෙයි මූණ ඉස්සරහටම ඇවිත් බෙල්ල කපලා දායි.. අනික තමයි......."

"මට මගේ කියලා රැකගන්න මහ ගොඩක් උන් නෑ බං.. වැරදිලාවත් මට මොනවාහරි උනොත් දුරින් ඉදන් ජානුල්ව පරිස්සම් කරපන්.. එයාට හීරීමක්වත් වෙන්න ඉඩ තියන්න එපා.. මගේ කියලා තියෙන හැම දෙයක්ම මං නැති දවසක ජානුල්ට අයිති වෙන විදිහට මම හැමදෙයක්ම හදලා තියෙන්නේ..  ඒ නිසා එයාට මම නැතත් දුකක් නැතුව ජීවත් වෙන්න පුලුවන්.. මට ඕන උඹ දුර ඉදන් එයාව පරිස්සමෙන් බලාගන්න විතරයි.. අනිත් කෙනා තේව් වාසලබණ්ඩාර.. මගේම ලේ නොවුනාත් ඌ මට ඉන්න එකම සහෝදරයා.. ඒ නිසා දෙසැරයක් නොහිතා ඌ වෙනුවෙන් ඕනම දෙයක් කරපන්.. මං නැතත් මගේ කොල්ලාවයි මල්ලිවයි රැකපන්.. එච්චරයි මම උඹෙන් ඉල්ලන්නෙ.."

"අපි ජීවත් වෙලා ඉන්නකම් උඹට මොනවා වෙන්නද අයියෙ.. විකාර නොකියා ඉදපන්.. මම මළාත් උඹට කරදරයක් වෙන්න ඉඩ දෙන්නෙ නෑ.."

කාළි [Completed]✅Where stories live. Discover now