40📖️

10.1K 1.4K 539
                                    

"සීනි අප්පා කි....."

"උඹලා මොක තමා ජානුල් මෙතන ඉදන් අපිලාට කතා කරනවා.."

ඒත් එක්කම ඇහුන මුත්තුසාමිගෙ කටහඬින් මගෙ ඇස් ලොකු වෙද්දී ජානුල් මාරුවෙන් මාරුවට මගේ දිහායි මුත්තුසාමි දිහායි බැලුවා.. හරිනෙ ඔය කරේ... දැන් දීපන්කො උත්තර....

"යේක අප්පා.. අපිලා මේ.. අපිලා...."

ජානුල් දීගන්න උත්තරයක් හිතාගන්න බැරුව මගේ දිහා බලද්දී මං නොදැක්ක විදිහට අහක බලාගත්තේ කොල්ලා මගේ දිහා කට ඇද කරලා බලද්දී..

"සින්නදොරේ.."

"මුත්තුසාමි.."

මුත්තුසාමි මගේ දිහාට හැරිලා කොන්ද වකුටු කරලා කතා කරද්දී මම ඔලුව වැනුවා..

"අ⁣පිලාගෙ කොලුවා නිතර මාතියා එක්කම තමා ඉන්නවා.. මේකලා මාතියාට හරීයට කරදර තමා කරනවා.."

"මට ඇති කරදරයක් නෑ බං.. කොල්ලාට ඔහොම ඉන්න දීපන්.. තව දවස් දෙකයිනෙ.. ඊට පස්සෙ තංගරාජා එයි.."

තංගරාජා ආපහු ආවාම ජානුල්ට බංගලාවට එන්න හේතුවක් නෑ කියලා මතක් වෙද්දී තේරුම්ගන්න බැරි හිස් හැඟීමක් මගෙ හිතට දැනුනේ මම ජානුල් දිහා බලද්දී වෙද්දී එයාගෙ මූණ දුකෙන් පිරිලා ගිහින් තිබුණා..

"මාතියා මේ රෑ මොක තමා පාරේ කරනවා.."

"මම ආ......"

"සින්නදොරේට කොන්දෙ කැක්කුම් තමා හැදිලා තියෙනවා.. පාව් අප්පා.. අපිලාගෙ මාතියා දැන් වයෂයි තමයිනෙ.. බංගලාවෙ කවුරුත් නෑ තමා නිසා අපිලාට කියලා කොන්ද අතගාගන්න ඇවිත් තියෙන්නේ.."

කොල්ලාගෙ කටින් පිට උන වචනත් එක්ක මගේ ඇස් දෙක නළලට ගියා.. යකෝ මූ කතා කරන්නෙ මාව හැරමිට්ටෙන් යන එකෙක් ගානට දාලානෙ..

"කොන්දෙ කැක්කුම්..?"

ජානු දුකෙන් වගේ මුත්තුසාමි දිහා බලලා ඔලුව වනලා මගේ දිහාට හැරිලා කට කොනකින් හිනා වුනේ මම එයා දිහා ඇහිබැමක් උඩට උස්සලා බලද්දී.. මූ ඒ සැරේ මොකාටද එන්න හදන්නේ..

"සින්නදොරේට ඇවිදින්න බෑ නම් අපිලා මාතියාව කරේ තියාගෙන බංගලාවට එක්ක යන්නම් තමා.."

කාළි [Completed]✅Where stories live. Discover now