වසර විස්සකට පෙර....
"අත ගන්න.."
"ෂ්.. සද්ද නොකර ඉන්නවා.."
ප්‍රිෆෙක්ට් රූම් එක ඇතුළෙ තිබුණ හිස් උස කබඩ් එකක් ඇතුළට රිංගගත්ත මං හේෂ්ගෙ කනට කෙඳිරුවා.. දෙන්නෙක්ට ඉන්න ඒක පොඩි වැඩියි.. ඒත් වෙලාවෙ හැටියට වෙන විසඳුමක් ඇත්තෙත් නෑනේ.. හේෂ් මට වැඩිය ටිකක් උස නිසා එයාගෙ ඔලුව කබඩ් එක උඩ වදිද්දී මම එයාගෙ ඔලුව බලෙන්ම මගේ උරහිස උඩ තියාගත්තෙ මගේ ඇඟ එයාගෙ ඇඟට තෙරපගන්න ගමන්..
"සතීෂ.."
"මොකද.."
"අත ගන්නවා.."
"අත.. මො... ඕහ්...."
මටත් නොදැනීම මගේ අතක් එයාගෙ ඉනෙන් පහල තියාගෙන ඉඳලා තියෙද්දී එයා අත ගන්න කියලා නහින්න හැදුවා.. හේෂ්ගෙ මූණ මේ වෙලාවෙ මට නොපෙනුනාත් මම දන්නවා එයා දැන් ඉන්නෙ කේන්තියෙන් වගේම ලැජ්ජාවෙන් රතු වෙලා කියලා..
කට කොනකින් හිනා උන මම උවමනාවෙන්ම මගේ අත ටිකක් තද කරද්දී හේෂ් මගේ අත් බාහුව කෙනිත්තුවා..
"තමුන්.."
"කෙට්ටු උනාට මොකද ඕන කරන තැන් ගානට තියෙනවා.."
"වනචරයා.."
තරහෙන් පුපුරන ගමන් හේෂ් කොඳුරද්දී මම එයාගෙ බෙල්ල පාමුල හාදුවක් තිබ්බාම එයා මගේ උරහිස රිදෙන්නම හැපුවා..
"ආව් යකෝ රිදුනා.. ආයෙ හපපියකො බලන්න.. උගුල්ලනවා තමුසෙගෙ ඔය හා දත් දෙක.."
"පුලුවන්ද දන්නෙ නෑ.."
"ළඟදි ඉදන් තමුසෙගෙ කට වැඩියි හරිද.."
"වැඩි නම් අඩු කරන එකනෙ ඇත්තෙ.."
හේෂ් කොඳුරලා කියද්දී මම එයාගෙ උරහිස් වලින් අල්ලලා පස්සට කරේ ඒ මූණට එබෙන ගමන්..
YOU ARE READING
කාළි [Completed]✅
Fanfictionඋඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)