42📖️

9.7K 1.4K 507
                                    

වසර විස්සකට පෙර....

"සිහින.."

ස්කෝලෙ පුරාම හේෂ්ව හොයපු මම කොරිඩෝ එකේ කොල්ලෙක් එක්ක කතා කරන ගමන් ඉදපු සිහිනව දැකලාළඟට ගියේ එකම ක්ලාස් එකේ හන්දා ඌවත් හේෂ් ඉන්න තැනක් ගැන දන්නවා ඇති කියලා හිතුන නිසා.. වෙලාව දෙකත් පහුයි.. අද එයාට ක්ලාස් තියෙන දවසකුත් නොවෙද්දී මෙච්චර වෙලා ස්කෝලෙ ඇතුළෙ රැඳෙන්න එයාට කිසිම හේතුවක් නෑ කියලා මම දැනගෙන ඉඳියා..

"සතීෂ.."

මාව දැකපු සිහින එකසැරේට පුදුම උනාත් ඌත් එක්ක කතා කරන ගමන් ඉදපු කොල්ලාගෙ උරේට තට්ටුවක් දාලා මොනවාදෝ කියලා මගේ දිහාට හැරුනෙ ඒ කොල්ලා යන්න යද්දී..

"කෝ හේෂ්.."

"එයා කොහෙද කියලා මට වැඩිය හොඳට උඹ දැනගන්න ඕනනෙ.. ඇයි මගෙන් අහන්නේ.."

"ඉන්න තැනක් දන්නවා නම් මෙහෙම උඹෙන් අහන්නේ නෑනෙ.."

මම නොරිස්සුමෙන් කියද්දී තත්පර ගානක් මගේ දිහා බලාගෙන ඉඳපු සිහින මගෙ ඇස් මග ඇරියා..

"උඹට කිව්වේ නැද්ද.."

"මොකක්ද.."

මම ඇහුවේ ඇහිබැමක් උඩට උස්සන ගමන්..

"එයා බර්ත්ඩේ පාටියකට ගියා.."

"පාටියකට..? කොහෙද.. කාගෙද.. කාත් එක්කද ගියේ.."

මම එකදිගට ප්‍රශ්න කීපයක් අහගෙන ගියේ හේෂ් නිකමටවත් එහෙම ගමනක් යනවා කියලා මාත් එක්ක නොකියපු නිසා.. සාමාන්‍යයෙන් අපි දෙන්නා එහෙම යන එන තැන් අනිත් කෙනාට කියන පුරුද්දක් නැති උනාත් මට එයා මේ ගියපු ගමන හොඳ ෆීලින්ග් එකක් දැනුනේ නෑ..

"අකිලයාත් එක්ක ගියේ නම්.. ඒත්.."

"කියන හු### හරියට කියපන් බං මගේ මාරයා අවුස්සගන්නෙ නැතුව.. කොහෙද එයා ගියේ.."

කාළි [Completed]✅Where stories live. Discover now