78📖️

8.1K 1.2K 664
                                    

යන යන පැත්තට හැරිලා බෙල්ල කඩාගෙන ඉර මල ආදරේ කරේම ඉරට විතරක් වෙද්දී එදා වගේම අදත් විඳවන්න වෙනවා කියලා දැන දැනම මං වගේ මිනිහෙක්ට ආදරේ කරපු එයා ගැන මට ඇති උනේ වචනයෙන් කියාගන්න බැරිතරම් වේදනාවක්..

මං හැමදාම හිතුවේ ජානුල්ගෙ දුප්පත්කම අපේ සම්බන්ධෙට ප්‍රශ්නයක් වෙයි කියලා උනාත් අන්තිමට මට අහන්න ලැබුණේ හීනෙකින්වත් බලාපොරොත්තු නොවුන දෙයක් වෙද්දී මගේ මුලු ලෝකෙම මුත්තුසාමිගෙ කටින් පිට උන ඒ වචනත් එක්ක කඩාගෙන වැටුණා..

"මේ කසාදෙ වෙන්නෙ නෑ.."

හෂිනිගෙ අත අත් ඇරපු මම අඩියක් පස්සට ගනිද්දී ලොකු අම්මාගෙ ඇස් නළලට ගියාත් හෂිනිගෙ මූණෙ නම් කිසිම වෙනසක් උනේ නැහැ..

"සතීෂ එයා කවුද.. කොහොමද එයා හේෂ් ව......"

"මේ වෙලාවෙ ඔයාගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුලුවන් මානසිකත්වෙක නෙමෙයි මම ඉන්නෙ.. අපි පස්සෙ කතා කරමු.."

මීට අවුරුදු විස්සකට කලින් ගර්ල්ස් ස්කූල් එකේ ඩිපියුටි උන හෂිනි එදා මං වගේම හේෂ්ට ආදරේ කරද්දී හේෂ්ගෙ මරණෙන් පස්සෙ රට අත්ඇරලා යන්න ගියා.. මට අදටත් මතකයි හේෂ් ඉස්සර හෂිනි එක්ක කතා කරද්දී මම රණ්ඩු කරපු හැටි.. මොකද කෙල්ලගෙ ඇස් හේෂ් ළග සතුටින් දිලිසෙන හැටි මම දැක්කා.. ඒ නිසාමයි මං බය උනේ එයා ⁣හෂිනිට යාලුවෙක් විදිහටවත් ලං වෙනවාට..

හේෂ් ජීවත් වෙලා ඉඳිද්දී හෂිනිව දකින්නවත් අකමැති උන මම එයාගෙ මරණෙන් පස්සේ හෂිනිගෙ හොඳ යාලුවෙක් උණා.. බේබද්දෙක් වගේ සිහිය නැති වෙනකම් එදා මම බීගෙන පිස්සු කෙලිද්දි දස්සා කවියා වගේම හෂිනිත් මගේ ළඟ ඉදන් මට තේරුම් කරන්න උත්සාහ කරා මම එහෙම හැසිරෙනවාට හේෂ් පොඩ්ඩක්වත් කැමති වෙන්නෙ නැ කියලා..

"චූටි පුතා ඔයා මො....."

"කරුණාකරලා මගේ ඔලුව කන්නෙ නැතුව මෙතනින් යන්න ලොකු අම්මෙ.. ඔයාට ඕන උනේ මම අර කොල්ලාගෙන් ඈත් කරන්නනෙ.. දැන් සතුටු වෙන්න.. අන්තිමට ඔයා බලාපොරොත්තු උන දේ ඉෂ්ට උනා.. මට ඕන උනාත් ආයෙ කිසිම දවසක එයාව මගේ ජීවිතේට ලං කරගන්න බෑ.."

කාළි [Completed]✅Where stories live. Discover now