83📖️

8.5K 1.2K 503
                                    

වසර විසි එකකට පෙර...

'අනිත් බැල්ලියන්ට වැඩිය උඹේ තියෙනවා මහ අහංකාරකමක්.. මං කැමති ඒකට..'

ඔහු තම සිරියහන් ගබඩාව තුළ මුල් වරට හිත් පිත් නැතිව ඇය කෙලෙසන අතර ඇගේ කැකුළු තන පොඩි කරමින් ඒ විශේෂත්වය පැහැදිලි කළේ එසේය.

අන්තිමටම ඔහු පාවිච්චි කළ සියලු කෙල්ලන් අතරින් ඉහළම තැන ඇයට ප්‍රදානය කිරීමට ඔහුට හේතු වූයේද එයමය.

'උඹේ අහංකාරකම, තවත් අහංකාර වෙනවටයි මං කැමති... රජෙක්ට හොරෙක් වෙන්ඩ පුළුවන් නම් ඊයෙ පෙරේද කොටහළු වෙච්චි බොට බිසවක් වෙන්ඩ බැරි මොකද?'.......

මම කියෙව්වා..

මගේ උකුළ උඩ ඔලුව තියාගෙන ඉදපු එයාට ඇහෙන්න මමපිටුව වචනෙන් වචනෙ කියෙව්වේ එක අතකින් එයාගෙ ඔලුව පිරිමදින ගමන්..

අනුලා.. ඒ නම ඇහුන ගමන් හැමෝටම මතක් වෙන්නෙ කාමුක රැජිනක්.. රජවරු එකසිය අසූ ගානක රාජාවලියෙ ඉදපු රැජිනියන් හතර දෙනාගෙන් එක්කෙනෙක්.. රජවරු දෙන්නෙක් දොරටුපාලයෙක් වඩුවෙක් දරපලන්නෙක් බමුණෙක් විදිහට පිරිමින් ගොඩක් මරා දාපු අනුලා රැජින ගැන ඉතිහාසෙ පුරාවට මවලා තියෙන්නේ කලු සිතුවමක් උනාත් එක තත්පරේකට මට ආයෙත් හිතුනා ඔය කියන තරමටම එයා කලු චරිතයක් වෙන්න ඇතිද කියලා.. ඒ ඉතිහාසෙ ජීවත් නොවී පොත් වල තවත් කෙනෙක්ගෙ අකුරෙන් ලියවුන අතීත කතා සීයට සීයක් විශ්වාස කරන්න හැමදාම වගේ අදත් මගේ හිත අදිමදි කරද්දී මං පොත දිහා බලන් කල්පනා කරන්න ගත්තා..

"සතී.."

"ම්.."

"මොනවාද ඔච්චර කල්පනා කරන්නෙ පුංචි හාමු මහත්තයා.."

"කල්පනා කරන්න දේවල්සුදූ නැත්තෙ.."

"ඒක තමයි බං අහන්නේ මොනවාද කල්පනා කරන්නෙ කියලා.."

කට ඇද කරගත්ත හේෂ් මගේ ටී ෂර්ට් එකෙන් ඇද්දෙ මම එයා දිහා බලාගෙන මාපටැගිල්ලෙන් එයාගෙ නළල පිරිමදිද්දි..

කාළි [Completed]✅Where stories live. Discover now