05📖️

11.5K 1.6K 513
                                    

වසර විස්සකට පෙර..

අද සෙනසුරාදා දවසක් නිසාම මම එලාම් එක තියන්නෙ නැතුව දවල් වෙනකම් නිදාගත්තා.. ඊයෙ රෑ ගෙදර එද්දී නමයත් පහු උනා කියලා ලොකු අම්මාගෙන් කන් දෙක පිරෙන්න අහගන්න උන තරහට මං නිදාගන්න ගියේ කන්නෙවත් නැතුව.. දැන් නම් බඩේ පණුවොත් බොක්සින් ගහනවා.. ඒත් එහෙමයි කියලා එයා ඉස්සරහා සෙකන්ඩ් වෙන්න පුලුවන් ද.. එයාම ඇවිත් නැගිටලා කන්න කියනකම් මං ඇඳෙන් නැගිටින්නෙ නෑ.. අනික මම එන්න පරක්කු උනේ මගේ වරදින් නෙමේනෙ.. පව් කියලා හේෂ්ව ගෙදරට ඇරලන්න ගිය නිසානෙ..

කෑම වර්ජනේ කරලා ඉල්ලීම් දිනාගන්න මම හරි දක්ෂයි.. ලොකු අම්මායි මගේ අම්මායි දෙන්නාත් එක්කම මම මෙහෙම තමයි.. මට මොකක්හරි දෙයක් ඕන වෙලා එයාලා දෙන්න බෑ කිව්වොත් එහෙමත් නැත්නම් වරදකට මට බැන්නොත් මං කෑම නොකා ඇඳට වෙලා කොට්ටෙ මූණ ඔබාගෙන ⁣බලන් ඉන්නවා එයාලාම පරාජය බාර අරන් ඇවිත් මට කන්න කතා කරනකන්..

ඉවසපන් සතියො ඉවසපන්.. බඩගින්න වගේද උඹේ නම්බුව.. ලොකු අම්මාට නෙමෙයි අම්මා තාත්තාට උනාත් එහෙම සෙකන්ඩ් වෙන්න හොඳ නෑ..

එකසැරේටම කාමරේ දොර ඇරෙනවා ඇහෙද්දී ඇඳේ හාන්සි වෙලා ඉදපු මං නිදි ව⁣ගේ ඇක්ට් කරන්න ගත්තා.. ආයෙත් තත්පර ගානකට පස්සෙ ඇඳ බර වෙනවා දැනෙද්දී කවුරුහරි ඇඳ උඩ වාඩි උනා වගේම මගේ ඔලුව අතගානවා කියලා මට දැනුණා.. ම්ම්.. හරි සනීපයි.. රෝස සුවඳයි..

"සතී.."

මොන මඟුලක්ද.. රූම් එක ඇතුළට ආවේ ලොකුඅම්මා නෙමෙයි හේෂ් කියලා කටහඬින් අඳුරගනිද්දී මම කලබලෙන් ඇඳ උඩ වාඩි වුණා..

කාළි [Completed]✅Onde histórias criam vida. Descubra agora