වසර විස්සකට පෙර...
"අප්පච්චී.."
"චූටි පුතා.."
මාව දැකපු අප්පච්චි පුදුමයෙන් වගේ මගේ දිහා බලද්දී මම අප්පච්චිට රවලා එයාගෙ අතින් අල්ලන් ඉඳපු ගෑනි දිහා ඔලුවෙ ඉඳන් කකුල් දෙකට යනකම්ම බැලුවා..
"මෙයා කවුද.."
"පුතා ඔයා හිතන විදිහෙ දෙ...."
"මම ඇහුවේ මේ ගෑනි කවුද කියලා.. මෙහෙම ඔයාගෙ අතින් අල්ලගෙන ඉන්න තරම් මෙයාට තියෙන අයිතිය මොකක්ද දන්නෙ නෑ නේද.."
මම කේන්තියෙන් අත මිට මොළවගෙන අහද්දී අප්පච්චි අතින් නළල මිරිකගෙන ඒ ගෑනු කෙනා දිහාට හැරුණා..
"ඔයා දැන් යන්න.. මම පස්සෙ කෝල් එකක් දෙන්නම්.."
"නෑ නෑ තමුන් කොහෙවත් යන්නෙ නෑ.. මම තාම ප්‍රශ්න අහලා ඉවර නෑ.."
"සතීෂ දැන් හොඳටම ඇති.. තමුන්ට අදාල නැති දේවල් වලට අත නොදා ඉන්නවා.. ඔයා යන්න.."
අප්පච්චි ඒ ගෑනිට යන්න කියද්දී එයා අප්පච්චිට ඔලුව වනලා එතනින් යන්න ගියේ මම කේන්තියෙන් බලාගෙන ඉඳිද්දී..
"එතකොට තමුන්.. ස්කෝලෙ යන්නෙ නැතුව මහපාරෙ රස්තියාදු ගහන්නෙ මොකද කියනවා බලන්න.."
"මම පාරේ රස්තියාදු ගැහුවේ නැත්නම් කොහොමද බණ්ඩාර වලව්වෙ ලොකු හාමුගෙ හොර ගෑනිව මෙහෙම අල්ලගන්නෙ.."
"සතීෂ.. කට තිබුණ පලියට කිසිම දෙයක් හරියට නොදැන කියවන්න එපා මිනිහෝ.."
මම අප්පච්චි දිහා බලලා කට කොනකින් හිනා වෙද්දී අප්පච්චි කේන්තියෙන් මට කෑගැහුවා..
"දැන් එතකොට කියන්න හදන්නේ මම මගේ ඇස් දෙකෙන් දැකපුවා බොරුයි කියලාද.."
"සතී.."
"අංකල්.."
"හේෂ් පුතා.."
ඒත් එක්කම වගේ අපි ළඟට ආපු හේෂ් මගේ අතේ එල්ලෙද්දී මම එයාවත් අහකට තල්ලු කරා..
YOU ARE READING
කාළි [Completed]✅
Fanfictionඋඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)