"ඔයා මං මයි.."
මම කිව්වා නෙමෙයි මට කියවුනා..
මටත් නොදැනීම මගේ කකුල් මාව බිත්තියේ එල්ලලා තිබුණ ඒ ෆොටෝ එක ළඟට අරගෙන යද්දී මම ඇහිපිය නොගහා තත්පර ගානක් ඒ දිහා බලාගෙන ඉඳියා..
මෙහෙම වෙන්න පුලුවන් ද..
කොහොමද අපි දෙන්නාම එකම වගේ උනේ..
"එයා.. එයා මං වගේ.."
මම සින්නදොරේ දිහා බලද්දී එයා දුකෙන් වගේ හිනා වෙලා මගේ ළඟට ඇවිදගෙන ආවා..
"නෑ ඔයාලා දෙන්නා වෙනස්.."
එයා කියපු දේ නොතේරුන මම එයා දිහා බැලුවේ පුදුමයෙන් වෙද්දී පොටෝ එකේ ඉදපු හේෂ්ගේ මූණ අතගාපු එයා මගේ මූණ දිහාට ඇඟිල්ල දික් කරා..
"හේෂ්ට ඔයාට වගේ තොල යට උපන් ලපයක් තිබුණේ නෑ.."
මගේ දිහා බලලා කියපු එයා හේෂ්ගෙ පොටෝ එක දිහාට හැරිලා එයාව අතගෑවා..
මම ආයෙත් මගේ ඇස් හේෂ් දිහාට අරගෙන ගියා..
එයා ලස්සනයි.. මගෙම රූපෙ උනාත් ඒ හිනාව ඒ ඇස් හරිම අහිංසක පාටයි..
ඔයා වගේ අහිංසකයෙක්ගෙ ජීවිතේ උදුරගන්න තරම් හිත්පිත් නැති තිරිසනෙක් උනේ කවුද..
ඇත්තටම ඔයාට මොකද උනේ හේෂ්..
කවුද.. කොහොමද.. කවදාද..
මට අහන්න ප්රශ්න නම් ගොඩක් තියෙනවා.. ඒත් කාගෙන්ද මං අහන්නෙ..
මොකද දැන් මම දන්නවා ඔයාගෙ කතාවෙ අවසානෙ මොකක්ද කියලා ඒ ඩයරි එකේ ලියවිලා නෑ කියලා..
මට සින්නදොරේ දිහා බැලුනා.. ඒත් එයාගෙ ඇස් තිබුණෙම හේෂ්ගෙ ළඟ..
ඔයා මට මෙහෙම ලං වෙන්නෙ මගෙන් එයාව දකින නිසා නේද මහත්තයා.. මං පෙනුමෙන් හේෂ් වගේ නොවුනා නම් ඔයා මගේ දිහා හැරිලාවත් බලන්නෙ නැති වෙන්න තිබුණා..
කතාවට කියනවා හැමෝගෙම ඇස් අග කවුරුහරි වෙනුවෙන් උනපු කඳුලක් තියෙනවා කියලා.. ඉතිං අද මගේ ඇස් අගටත් ඒ විදිහටම කඳුලක් එකතු වුණා..
ඒ මගේ කුලුදුල් ආදරේ වෙනුවෙන්..
මට හීන දකින්න පොඩිහරි අයිතියක් නැති කෙනෙක් වෙනුවෙන්..
YOU ARE READING
කාළි [Completed]✅
Fanfictionඋඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)