86📖️

8.7K 1.3K 667
                                    

මිනිස්සුන්ට ඇබ්බැහි වෙන්න එපා කියලා කියන්නේ බොරුවට නෙමෙයි.. අපි කාට උනාත් ඇබ්බැහි වෙන තැන උන් අපේ නින්ද හොරකම් කරනවා.. නිදි මරාගෙන කල්පනා කරන්න හේතු දාහක් හදලා දෙනවා..

ඉතිං ඇබ්බැහි වෙන්න එපා..

එහෙම උනොත් උඹේ ආදරණිය හිත හරි ඉක්මනින් මැරිලා යාවි.. මේ පොළව උඩ සැහැල්ලුවෙන් අල්ලන හුස්ම උඹටම හුඟාක් බර වැඩි වේවි..

කෑම කන්න මේසෙන් වාඩි උන මට කන්න පිරියක් නැති තැන මං ඇරලා තිබුණ ජනේලෙන් එලිය බැලුවා.. අලුත් බලාපොරොත්තු එක්ක අලුත් දවසකට ඉර පායගෙන ඇවිත්..

මගේ ජීවිතෙත් හරියට අර පාවෙන වලාකුල වගේ නේද කියලා මට එක තත්පරේකට හිතුණා.. අරමුණක් ගමනාන්තයක් නෑ.. ඔහේ නිදහසේ පාවෙලා යනවා..

අද මාත් එක්ක මගේ ළඟින් ඉන්න උන් හෙට මං ඉඳියාත් නැතත් උන්ගෙ ජීවිත ඉස්සරහට අරගෙන යයි.. මොකද උන් තනි උන තැන දුකක් වේදනාවක් දැනුන තැන වාරුවෙන්න උරහිසක් දෙන්න උන්ට උන්ගෙම කියලා පවුලක් තියෙනවා..

ඒත් මට කවුද ඉන්නෙ..

අම්මා අප්පච්චි දෙන්නාම දැන් වයසයි.. අක්කාට එයාගෙම කියලා වෙනම ජීවිතයක් තියෙනවා.. හැමදාම වගේ අදත් මට තනිකම විතරක් උරුම වෙද්දී දිග හුස්මක් පිට කරපු මං ආයෙත් පිඟාන දිහා බැලුවා..

පිඟානට දාපු පාන් පෙති දෙක තවම එහෙම්මයි..

"කන්නෙ නැද්ද දරුවෝ.. පාන් පෙති දෙක එහෙම්මනෙ.. පාන් එපා නම් නූඩ්ල්ස් කන්න.."

"එයා නූඩ්ල්ස් කන්න කැමති නෑ.."

හේෂ්ගෙ අම්මා මගේ පිඟානට නූඩ්ල්ස් බෙදන්න හදද්දී ජානු එයාව නතර කරේ අපි දෙන්නාම එයා දිහාට හැරෙද්දී..

"මං.. මං කිව්වේ එයා ඉස්සරත් නූඩ්ල්ස් කෑවෙ නැති නිසා.. ඔයාට ඕන නම් බෙදන්න.. මට මොකද.."

පහත් හඬින් කියපු ජානු ඉක්මනට එයාගෙ පිඟාන දිහා බලද්දී මගේ මූණෙ හිනාවක් ඇඳුනා.. මහ ලොකුවට කියන්නේ නම් මට වෛර කරනවා කියලා.. ඒ උනාට මොකද අදටත් මං ගැන හැම පුංචි දෙයක්ම හොඳට මතකයි..

"කමක් නෑ අම්මා.. මට බඩගිනි නෑ.."

එහෙම කියපු මම වතුර වීදුරුවෙන් උගුරු කීපයක් බීලා පුටුවෙන් නැගිට්ටෙ ඒත් එක්කම මට කෝල් එකක් එද්දී..

කාළි [Completed]✅Onde histórias criam vida. Descubra agora