මතකාවර්ජන 02📖️

7.2K 849 1.1K
                                    

"නෙළා ගැනුමට නොහැකි වූවද
අත්හැරීමත් නොවේ ප්‍රේමය
බලා දුර හිද කතා නොකරම
සුසුම් පපුවක හිර කිරීමය...."

"පුලුවන්එහෙම කරන්න.."

සතීෂ අහපු ප්‍රශ්නෙත් එක්ක මම මුමුනන ගමන් ඉදපු සිංදුව නතර කරලා එයා දිහා හැරිලා බැලුවා..

"මොකක්ද.."

"අයිති කරගන්නත් බැරි නම් අත් අරින්නත් බැරි නම් දුරින් ඉඳන් බලන් ඉන්න හිත හදාගන්න පුලුවන් ද.."

"ඇයි බැරි.. අයිති කරගන්න එකටම නෙමෙයිනෙ ආදරේ කියන්නේ.."

"හ්ම්.. ඒත් මං දකින විදිහට නම් ආදරේ කියන්නේ අයිති කරගන්න එකට.. මගේ නම් මගේ විතරයි.. මට නැත්නම් කාටවත් නෑ.."

වලව් වත්ත කෙලවරට වෙන්න අඹ ගහ යට හදලා තිබුණ ලී බංකුවෙ මං වාඩි වෙලා ඉඳිද්දී සතීෂ අඹ ගහේ අත්තක් උඩ නැගලා මම එද්දී අරගෙන ආපු බූන්දි පාර්සලේට වග කියන ගමන් ඉඳියා..

"දැන් එතකොට උඹ හිතන් ඉන්නෙ උඹට ලැබුනේ නැත්නම් උඹ ආදරේ කරන එකාව මරලා දාන්නද.."

"එහෙම කිව්වාට මරන්නෙ නෑ චුට්ටක් රිද්දනවා විතරයි.. ඒත් එහෙමයි කියලා වෙන එකෙක්ට අයිති වෙනකන් බලාගෙන ඉන්න මං වෙස්සන්තරනෙමෙයිනෙ.. අකමැති නම් බලෙන්හරි උස්සන් යනවා.. එච්චරයි.."

කොල්ලා සාමාන්‍ය විදිහට කියලා දාද්දී මම නොරිස්සුමෙන් ඔලුව දෙපැත්තට වැනුවා..

"පව් අර කොල්ලා.."

"කවුද.. මොන කොල්ලා ද.."

"කවුරුත් නෑ.. තනියෙන් ගිලින්නෙ නැතුව මටත් දීපන්.. උඹ කොහොමත් පැණි රස කන්න කැමති නෑනෙ.."

කාළි [Completed]✅Where stories live. Discover now