23📖️

10.1K 1.4K 346
                                    

"ස..ස..තී.. සතී.. සතී.."

නිදාගෙන ඉදපු ජානුල් නින්දෙන් මගේ නම මුමුණද්දී කාමරේ ඇතුළට ආපු මම ඉදපු තැනම නතර වෙලා එයා දිහා බලන් ඉඳියා..

සතී..

හේෂ් නැති උනාට පස්සෙ මේ අවුරුදු විස්සටම කවුරුහරි මට සතී කියලා කතා කරපු මුල්ම වතාව මේක වෙද්දී ජානු හේෂ්ගෙ ඩයරි එකේ කොතනට යනකම් කියවන්න ඇති ද කියලා මම කල්පනා කරා..

මගේ යටි හිත කියන්න වගේ මං බය වුණා ජානුල් උනාත් මං හේෂ් ජීවත් වෙලා ඉන්නකම් එයාට කරපු කියපුවාට මාත් එක්ක කේන්ති ගනී කියලා..

සද්ද ඇහෙන්නෙ නැති වෙන්න හෙමින් අඩි තියලා ජානුල් ළඟට ගිය මම ඇඳේ අයිනෙන් වාඩි වෙලා එයාගෙ ඔලුව අතගාන්න ගත්තාම නින්දෙන් කියපු එයා සන්සුන් උනා..

පොඩි එකාට මට අත උස්සන්නෙ නැතුව ඉන්න තිබුණේ.. රතු වෙලා තිබුණ ඒ කම්මුල පුරා ඇඟිලි අරන් ගියපු මං දිග හුස්මක් පිට කරලා එයාව මගේ අත් දෙකට උස්සලා ගත්තා.. මේකා හාල්මැස්සෙක් වගේනෙ.. පොඩ්ඩක්වත් බර නෑ.. නින්දෙන්ම කෙඳිරි ගාපු එයා මගේ ⁣පපුවෙ උණුසුමට ගුලි වෙද්දී මම ඒ නළල උඩින් එයාටත් හොරාවට මගේ තොල් තිබ්බා..

"මගේ පොඩි ඇට්ටරයා.."

තේව්ගෙ ගෙදරින් ජානුවත් අරන් මං කෙලින්ම ආවේ කොළඹ තිබුණ මගේ ගෙදරට.. මීට කලින් අම්මා අප්පච්චිවත් එක්කගෙන ආපු නැති මගේ මේ ගෙදර දොරවල් පළවෙනි වතාවට මං ඇරෙන්න වෙනත් කෙනෙක් පිළිගනිද්දී මගේ හිතට දැනුනේ මහ අමුතු හැඟීමක්..

කොල්ලො ටික ආපහු යවලා දොර වහගෙන ගෙට ආපු මං මගේ කාමරේ මගේ ඇඳ උඩින් ජානුව තියලා ටවල් එකත් අරන් බාත්රූම් එකට ගියා.. අතේ තුවාලෙ වේදනා දුන්නාත් මේ ජීවිතේට හුරු උන දවසෙ ඉදන් වේදනාව දරාගන්න මං පුරුදු වෙලා ඉඳියේ.. කවුරුත් කැමැත්තෙන් තමන්ගෙ නම ඉස්සරහාට පාතාලකාරයෙක් කියන ලේබල් එක අලවගන්නෙ නෑ.. පාතාලකාරයෙක් අපරාධකරයෙක් කියලා හංවඩු ගහන හැමෝටම කවුරුත් නොදන්න තමන්ගෙම කියලා ජීවිත කතාවක් තියෙනවා.. හරියට මට වගේ..

"සතී.."

"ඔයා නපුරුයි සතී.."

කාළි [Completed]✅Donde viven las historias. Descúbrelo ahora