76📖️

9.2K 1.2K 398
                                    

වසර විස්සකට පෙර....

"එන්න එන්න.. ඇන්ටි අක්කෙ නංගී අම්මෙ ලොකුඅම්මෙ හැමෝම ඇවිත් නැගගන්න.. සීට් නැත්නම් උකුළ උඩ හරි තියන් යනවා.. අද ගියොත් හෙට යන්නෙ නෑ.. හෙට ගියොත් අද යන්නෙ නෑ.. මේක අපෙ කොන්දා අයියාගෙ බස් එක.."

"ආ නංගී ස්කෝලෙ යනවා වගේ.."

"නෑ පොළේ යනවා.. මොකක්ද වෙන්න ඕන අයියාට.."

"අම්මෝ සැර.. නෑ මුකුත් නෑ.. ඔයා පරිස්සමට බැහැගන්නකො.."

දස්සා ෆුට්බෝඩ් එකේ ඉඳන් පිස්සු කෙලින දිහා බලාගෙන ඉඳපු මම උගේ ෂර්ට් කොලර් එකෙන් ඇදලා උඩට ගත්තෙ නොරිස්සුමෙන්..

"උඹට ට්‍රැක් ද.. පිස්සු කෙලින්නෙ නැතුව මෙන්න මෙහෙට වෙලා ඉඳපන් යකෝ.. උඹ අපිටත් ලැජ්ජා කරනවා.."

"අනේ පලයන් හු## යන්න.. උඹ එදා හෙඩා එක්ක මේ බස් එකේ අර ෆුට්බෝඩ් එකේම වෙලීගෙන ලව් කරද්දී ඒ ලැජ්ජාව කොහෙද දන්නෙ නෑ තිබුණේ.."

දස්සා කියද්දී කවියාත් කින්ඩියට වගේ හිනා වෙලා මගේ දිහා බැලුවේ මං උන් දෙන්නා දිහාම රවලා බලද්දී..

අකිල අයියාගෙ තාත්තා නැති වෙලා සතියකුත් ගෙවිලා යද්දී එක්සෑම් ළඟ නිසා හේෂ් බිසී වෙද්දී දවස් තුනකින් විතර මට එයා එක්ක නිදහසේ වචනයක්වත් කතා කරන්න ඉඩක් ලැබුණේ නැහැ..

"සිරාවට බං කෝ අයියා.. ඌ වෙනදාට මේ බස් එකේ එනවානෙ.."

"මං කොහොමද බං දන්නෙ.. මොකෝ එයා ඉන්නෙ අපේ ගෙදරද.."

"මං නම් කියන්නේ මචං කල වයසත් හරි එකේ එක්සෑම් බල්ලාට දාලා උඹට තියෙන්නේ අරූව කැන්දගෙන යන්.."

"හරි ඉතිං උඹ ඕකට රවන්න ඕන නෑ.. මම මේ කිව්වේ වෙඩිමට තියෙන කෑම මේසෙ මතක් කරලා.. උඹලාගෙ ඔය වලව් වල හත් දවසක් මගුල් කනවාලුනෙ.. නිකමට හිතපන්කො.. උඹලා එහෙම මඟුලක් කනවා කියන්නේ මචං කාටද වාසි.."

කාළි [Completed]✅Où les histoires vivent. Découvrez maintenant