මතකාවර්ජනයක නිමාව 📖️

6.5K 671 781
                                    

"ආව්.. ආව්.. ගහන්න එපානෙ අත්තම්මෙ.."

"ගහන්න.. ගහන්න නෙවේ උඹලාව කෝටුමස් කරන්න තියෙන්නේ.. මගෙ ආදරෙන් උඹයි උඹලයැ බාප්පායි අයුතු ප්‍රයෝජන ගන්නවා.."

"අම්මෙ දැන් ඇති.. විදූ නොතේරුම්කමටනෙ එහෙම කරේ.."

අම්මා සතීෂට පේර කෝටුවකින් ගහද්දී මම කොල්ලාව බේරගන්න මැද්දට පැන්නාම මටත් අම්මාගෙන් කෝටු පාර දෙක තුනක් වැදුනා..

"ආ උඹත් ආවාද.. මම උඹවත් අල්ලගන්න තමා ඉදියේ.. බාප්පායි පුතායි හිතන්න එපා මගෙ මේ ඉහකෙස් පැහුනෙ අකලට කියලා.. මම දන්නවා උඹලා දෙන්නා එක්ක එක්කහු වෙලා මේ කුපාඩි වැඩේ කරේ කියලා.."

"කේන්ති ගන්න එපා අත්තම්මෙ ඔය ඉතුරු කොණ්ඩගස් ටිකත් සුදු වෙයි.."

"උඹ... බාප්පගෙ පිටිපස්සෙ හැංගෙන්නෙ නැතුව මෙහාට වරෙන් කොල්ලො.. උඹලා දෙන්නා නිසා කොණ්ඩෙ සුදු වෙන එක කෙසේ වෙතත් මම ඉක්මනට එලොව යයි කියලා නම් සැකයක් නෑ.."

"මොනවාද අම්මෙ මේ කියන මූසල කතා.."

මම අම්මාව සන්සුන් කරන්න හදද්දී අම්මා මටත් රවලා ඔසරි පොට අතේ පටලගෙන ඇඳි පුටුවකින් වාඩි උණා..

"කොච්චර හොඳ කටයුත්තක්කපුමහත්තයා උඹට අරන් ආවේ.. මේ සති අන්තෙ ඇල්ලෙපොල වලව්වට ගිහින්දැරිවිව බලලා උඹලගෙ කටයුත්ත පිළිවෙලක් කරන්න මායි පොඩි පුතායි කතා කරන් ඉදියෙ.. කොහෙද මේ නොසන්ඩාලයා සේරම විනාස කරානෙ.. මේකා අල්ලපු අඩව්ව එක්ක මම හිතන්නේ නැ ආයෙ කපු මහත්තයා මේ වලව් වත්තෙ පස් පාගයි කියලා.."

කාළි [Completed]✅Where stories live. Discover now