10📖️

11.2K 1.6K 627
                                    

වසර විස්සකට පෙර...

වටේ ඉඳපු උන් ෆිල්ම් එකක් බලන්න වගේ බලාගෙන ඉඳිද්දී සිහිනයි මායි හේෂ්ව දෙපැත්තට ඇද්දා..

"අතෑරපන්.."

"මම නෙමෙයි උඹ අතෑරපන්.."

"තමුන් හේෂ්ට රිද්දනවා.."

මං හේෂ්ගෙ අත තද කරලා අල්ලනවා දැකපු සිහින මට රැව්වාත් මං කට කොනකින් හිනා උනා..

"එයාට රිදෙනවා නම් උඹ අතෑරපන්.."

"සතීෂ.."

සිහින කරැල්ලියද්ද..

කරැල්ලියද්ද වලව්වෙ පුංචි හාමු වගේම හේෂ්ගෙ හොඳම යාලුවා වෙද්දී දන්න දවසෙ ඉදන් මගේ ලොකුම තරහකාරයා උනා.. ඒ තරහව කවදා කොහේ කොහොම ඇති වෙච්ච එකක් ද කියන්න මං වත් දන්නෙ නැහැ..

මං දන්නෙ කාරණා දෙකක් විතරයි..

එකක් මං ඌට කැමති නෑ..

අනිත් එක ඌ හේෂ්ට ආදරෙයි..

මගේ හිතේ හේෂ් ගැන ආදරයක් නොතිබුණාත් මං කැමති උනේ නැහැ මට අයිතිවෙන්න ඉන්න එයාට වෙන කවුරුත් ආදරේ කරනවාට..

මගේ නම් මගේ විතරයි.. නැත්නම් කාටවත්ම නෑ..

"මෙයාට රිදෙද්දී අතාරින්න මේක හුණු වටයේ කතාවවත් මං ගෘෂාවත් නෙමෙයි අයිසෙ.. මට දෙයක් ඕන නම් රිද්දලා හරි මං මගේ ළඟට ගන්නවා.."

"ඔයාට ඇහුනානේ හේෂ්.. මූ වගේ එ....."

"ඇති.. දෙන්නාම මේ දැන්ම මාව අතාරිනවා.."

"මොනවාද තමුසෙලා තවත් බලාගෙන ඉන්නෙ.. කිව්වාම අත්ඇරපන්.. මේක ස්කෝලයක් මිසක් නාඩගම් මඩුවක් නෙමෙයි.."

සුපුරුදු හෙඩාගේ චරිතෙට මාරු උන හේෂ් මටයි සිහිනටයි කේන්තියෙන් කියද්දී සිහින එයාව අතෑරියාත් මං අල්ලගෙන ඉදපු අතින්ම ඇදලා එයාව මගේ ළඟට ගත්තා..

කාළි [Completed]✅Where stories live. Discover now