51📖️

10.4K 1.4K 344
                                    

"ඇයි ඔයා හේෂ්ගෙ පොටෝ එක අයින් කරේ.."

ජානුල් අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා වෙනුවට මං කරේ එයාගෙ දිහා බලාගෙන ඉදපු එක වෙද්දී එයා මගේ අතකින් අල්ලගත්තා..

"සින්නදොරේ.."

"ම්..?"

"ඔයා... ඔයා ඊයෙ රෑ ගැන පසුතැවෙනවා ද.. හේෂ්ට මූණ දෙන්න බෑ වගේ දැනෙන නිසා ද පොටෝ එක එතනින් අයින් කරේ.."

කොල්ලාගෙ හිනා මූණ එකසැරේටම මැලවිලා යද්දී මගේ පපුව පිච්චෙනවා වගේ හැඟීමක් මට දැනෙන්න ගත්තා.. අංශු මාත්‍රෙකින්වත් ඒ හිත තලන්න මට හිත් නොදෙද්දි මම එයාගෙ අතේ තිබුණ කිරි වීදුරු අරන් මේසෙ උඩින් තියලා එයාව උස්සගෙන අරන් ආවේ ඇඳ උඩට..

"මොකක්ද කරන්නෙ.. අත්අරින්නකො මාව.."

එයා කලබලෙන් මගෙන් ගැලවෙන්න දැඟලුවාත් මම එයාවත් අරන් ඇවිත් ඇඳේ හෙඩ් බෝර්ඩ් එකට හේත්තු වෙලා වාඩි උනේ එයාව මගේ කකුල් අතරින් තියලා වාඩි කරගන්න ගමන්..

"දඟලන්⁣නෙ නැතුව ඉන්න.. ඇඟට අමාරුයිනෙ.."

කොල්ලාගෙ ඉන වටේ අත් දාපු මම එයාගෙ බෙල්ල පාමුල හාදුවක් තියලා කියද්දී එයා ඔලුව පැත්ත ඇල කරේ මට ඉඩ දෙන ගමන්..

"මෙහෙම ඉන්න බෑ.. මම කෑම හදන්න යන්න ඕනනෙ.."

"වෙනදාටත් කෑම හැදුවේ තංගරාජානෙ.. එයා ඒ ගැන බලයි.."

"ඒත් වෙනදාට ඉඳියෙ ඔයා විතරනෙ.. අද ගොඩක් අය ඉන්නවා.."

කොල්ලා ඔලුව හරවලා කටත් උල් කරන් මගේ දිහා බලද්දී හිනා උන මං ඒ රෝස තොල් උඩ චූටි හාදුවක් තිබ්බා..

"උඹ හුරතල් ලෝකයක් බං.. වෙලාවකට හිතෙනවා මං මේ මගේ දරුවෙක් වගේ එකෙක්ට නේද ආද..... මං කිව්වෙ......."

එතනින් එහා මට කතා කරන්න ඉඩ නොදී එයා මගේ තොල් උඩ ඇඟිල්ලක් තිබ්බා..

"ආදරෙයි කියන අකුරු හතර කියන්න ඔච්චරටම ඔයාට අමාරුයි ද සතී.."

ජානුල් අහද්දී මගේ ඇස් ගැස්සුනා.. මොකද අද මං ඒ ඇස් වලින් දැක්කෙ ජානුල්ව නෙමෙයි හේෂ්ව.. ඒ ඇස් දුකෙන් වගේ හිනා උනා.. හරියට... හරියට එයා නැති උන දවසෙ වගේ...

කාළි [Completed]✅Donde viven las historias. Descúbrelo ahora