53📖️

10K 1.4K 933
                                    

වසර විස්සකට පෙර..

හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමා වී යයි මේ වසන්තේ යළිත් නොම එයි කිසි දිනේ
ගිනි කඳු පුපුරා ලෝ දිය ගලනා තරම් රිදුම් දෙයි ආදරේ......

හේෂ් මාව අමතකම කරලා දායි ද...

එයා මාව ප්‍රතික්ෂේප කරනවා කියලා දැනෙද්දී කවදාවත් නැතුව අද මට හුඟාක් රිදුනා.. හැමෝම කියන්න වගේ මගේ කේන්තිය එයාටත් ඉවසගන්න බැරුව ඇති.. ඒ නිසානෙ හේෂ් මෙහෙම ම⁣ගෙන් ඈත් වෙන්නෙ..

හිතක් කියන්නෙම තත්පරෙන් තත්පරේ සිතුවිලි මැරෙන ඉපදෙන තැනක් වෙද්දී හේෂ්ව අඬවලා ගෙදර යනවා කියලා ආවාට මොකද විනාඩි ගානක් යන්නත් කලින් මගේ යටිහිත මට කියන්න ගත්තා මං එහෙම නොකර ඉඳියා නම් හොඳයි කියලා..

කේන්ති ගියාම හේෂ්ට බැන්නාට ඒ ඇස් අඬනවා බලන්නත් ම⁣ට බැහැ.. එයා අඬද්දී ඊට වැඩිය රිදෙන්නෙ මට.. එතනම නතර උන මම ඉනට අතක් තියාගෙන අනිත් අතින් කොන්ඩෙ අවුල් කරේ නොරිස්සුමෙන් වෙද්දී එහෙම්මම බිම තිබුණ ගල් කැටේකටත් කේන්තියෙන් පයින් ගැහුවා.. 

දැන් මොකද කරන්නෙ..

ආපහු හැරිලා යනවාද නැත්නම් ගෙදර යනවාද..

"ආව්.. මොන හු.... මොකද බල්ලො ගහන්නෙ.."

ඒත් එක්කම මගේ පිට මැද්දෑවට වැදුන පාර නිසා මම හැරිලා බලද්දී කවියා ඉඳියේ මාව මරන් කන සයිස් එකේ බැල්මක් මට දාගෙන..

කාළි [Completed]✅Where stories live. Discover now