58📖️

9.6K 1.4K 644
                                    

වසර විස්සකට පෙර.....

"ඒයි බටු ඇටේ.. මොකෝ කම්මුලෙ අත් ගහගෙන.."

"මූණ බිම වැටෙයි කියලා බයට.."

කැන්ටිමේ වාඩි වෙලා අත් දෙක කම්මුලට ගහගෙන ඉඳපු පොඩි එකාව දැකලා මම අහද්දී ඒකා දීපු උත්තරෙත් එක්ක මට හිතුනා අපරාදෙ මංප්‍රශ්නේ ඇහුවේ කියලා..

"මොක නැතත් උඹේ කට නම් අඩුවක් නැතුව තියෙනවා.."

තේව්ගෙ කන මිරිකලා එතනම එහා පැත්තෙන් වාඩි වෙන ගමන් මං එහෙම කියද්දී එයා උත්තරයක් නොදී බලාගත්ත අත බලාගෙන ඉඳියා..

"මොකෝ අවුල.. ටීචර් බැන්නා ද.."

"ම්හු.."

"යාලුවෙක් තරහා උනාද.."

"ම්හු.."

"එහෙනම් මොකද උනේ කියනවා.. ගෙදර ප්‍රශ්නයක් ද.."

"ම්හු.."

"ගෙදර ප්‍රශ්නයක් නෙමෙයි.. මගේ ප්‍රශ්නයක්.."

"අප්පටසිරි ඔය පොඩි වයසට උඹට උඹේම කියලා ප්‍රශ්නත් තියෙනවා ද.. හරි දැන් කියමුකෝ බලන්න උඹ දහඅතේ කල්පනා කරන මහලොකු ප්‍රශ්නේ මොකක්ද කියලා.."

"අප්පච්චි කිව්වා ලබන අවුරුද්දේ ඉඳන් මාව කොළඹ ස්කෝලෙකට දානවා කියලා.."

"ඒ මොකෝ එකසැරේටම.. අපේ ස්කෝලෙ හොඳයිනෙ.."

"ලොකු මිනිහෙක් වෙන්න නම් කොළඹ ස්කෝලෙ යන්න ඕනලු.."

"ඇයි උඹේ අප්පච්චි හිතාගෙන ඉන්නෙ උඹව රටේ ජනාධිපති කරන්නද.."

"අපෝඕ එපා.. මට ඕන බයික් පදින කෙනෙක් වෙන්නෙ.."

"මොකෙක් වෙන්න.."

කාළි [Completed]✅Where stories live. Discover now